0120

1.4K 288 77
                                    


..

..

..




..මහත්තයෝ..

..කොහොමද ඉතින් සුරේ..




       තද නිල් පාට පසුබිමේ ලා නිල් පාට ඉරි ගිය ඉන්දියන් සරමකට ලා කහ පාට අත් කොට කමිසයක් ඇදන් හිටිය රූපේ ලෙන්ගත් හිනාවක් එක්ක එයා ඉස්සරහා හිටන් ඉන්න කලු පාට දිග කලිසමට කැමා ටී ශර්ට් එකක් ඇදලා යට කරලා අඩියටම කොන්ඩෙ කපලා ඉන්න තරමක් ආඩම්බරකාර පිරීමි රූපය දිහා බැලුවෙ ගෞරවාන්විතව...


...හොදින් ඉන්නවා මහත්තයෝ..මහත්තයලට කොහොමැයි...

..හ්ම්...කියන්න තරම් නරකක් නෑ..



   පොල් ගහ ලකුන කලු පාට බාටා දෙකකට සමාන්තරව ඉදිරියෙන් තියෙන මූන පෙනෙන තරමට දිලිසෙන කලු බූට් දාපු කකුල් දෙකක්...මහ ලොකු විස්තරයක් ඕන නැතිවම කියන්න පුලුවන් පන්ති පරතර දෙකක්....


..සුරේ දන්නවා ඇතිනේ මන් එන්න කිව්ව හේතුව...

..එහෙමයි....


    ඒ වචනත් එක්ක සුරේ...එහෙම නැත්නම් සුරේන්ට නිකම්ම.බැලුනේ එයාගෙ පිටිපස්සෙන් හිටගෙන ඉන්න අනික් රූපෙ දිහා....වෙනසක් නෑ...සුරේන්ගෙ පෙනුමමයි...ඒ ඇස්මයි.....ඒ රූපෙමයි....වෙනසකට තිබුනේ සුරේන් තරම් නොවැඩුනු ලාබාල අතපය විතරමයි......




...කොල්ලව හොද ස්කෝලෙකට දාන්න පුළුවන් සුරේ...ශිශ්‍යත්වෙත් ඉහලින්ම පාස් එකේ රෝයල් එකට උනත් දාගන්න බැරිකමක් නෑ....

..ඒ..ත් මහ..ත්තයෝ....

..මන් කලිනුත් කිව්වනේ සුරේ....මේ කොල්ලා ගමේ ඉන්න ඉන්න වෙන්නෙ කොල්ලගෙ දක්ශකම් ඔහේ දියවෙලා යන එක විතරයි.....ඇරත් තව කෙල්ලොම තුන් දෙනෙක් එක්ක මන් හිතන්නෑ සුරේට මේ කොල්ලට උගන්නවගන්න පුළුවන් වෙයි කියලා.....

..............

..සුරෙ ඔය මොනා කිව්වත් ඉර හද වගේ විස්වාසෙන් මට කියන්න පුළුවන් තව අවුරුදු ගානක් යද්දි මේ කොල්ලත් ඉගෙන ගන්න එක පැත්තක දාලා පවුලෙ බර කරට ගන්න රස්සා හොයන්න ගනී....කොයිතරම් හොද ලකුනක් තිබ්බත් වැඩක් නෑ කොල්ල ඉගෙන ගන්නෙ නැත්තම්...මං ගාවට කොල්ලව එවහන් සුරේ.....මේ කොල්ලට නිකරුනේ නාස්ති වෙන්න දෙන්න එපා.....කොලබ හොදම ස්කෝලෙක ඉගෙන ගන්නවා කියන්නෙ සුරේට උනත් කොයිතරම් ආඩම්බරයක්ද....

🍁නූශ්🍁(Zhanyi)✅Where stories live. Discover now