....
..
..ම්..මේ..හ්...හ්.හලෝ...ද..තා...ස්ස්....
..ම්ම්..
වෙලාව කීයද කියලා හිතාගන්න බැරි තරම්....හදටත් අඳුර මකන්න අමතකව ගිය රැයේ ගැබුරුම තැනකදි...එකට තුරුලු වෙලා නිදාගත්තු තීනුම මගින් ඇහැරිලා ධතාශ්ගේ උරහිස හොලවද්දි..නිදිමතෙන්ම කොල්ලා බර හුස්ම කීපයක් අතෑරලා තවත් තදින් තීනුව අත් අස්සට හිර කරගත්තා...
..නැ..ගිටින්නකෝ.....අ..නේහ්. නැගිටි..න්නකෝ...දතා....ස්ස්..නැගිටනවකෝ මෝඩයෝ.... හදි...ස්සියක්....
..ම්හ්..ම්...ආ..යේ නම් බෑ...දැන් ඇ..ති..
..මොනාද් ආයෙ බෑ කියන්නෙ නැගිටිනවකෝ....
..ආ..ආ ..ඇයි මොකද...
ධතාශ් ඇස් ඇරියේ හරියට සිහිය නැතිව ඉදලා ආයෙත් සිහිය ආවා වගේ අන්ද මන්ද වෙලා...හීනෙන් මොනා මොනා දකින්න ඇද්ද කියලා දන්නෙ ඉතින් එයාම විතරයි...නින්දෙන් කියෝපු කතාව මහ ලොකුවට තීනුට තේරුම් ගියේ නැති කොට එයා තාමත් ධතාශ්ව නැගිට්ටවන්න හදන ගමන් උරහිස් හෙල්ලුවා...
..ම්..නැගිටලා ඉන්නේ..ඇයි....එලියට යන්න ඕනද..
ධතාශ්ගේ කටහඩ බර වෙලා...තද නින්දක හිටිය එයාට තාමත් හුගක් දේවල් පෙනුනෙ බොද වෙලා....සාමාන්ය නින්දකට වඩා දවස් ගානක් එකදිගට මහන්සි වෙලා හොදටම ඇගත් තලාගෙන සැනසීමකට නිදාගන්න නින්ද කැඩුනාම හරි අමාරුයි.....රෑ සීතල නිසාම දැනෙන්නෙත් නහය බර උනු ගානට...ධතාශ් අතේ ඇගිලිවලින් ඇස් පිහන ගමන් ඇයි අහනකොට තීනු ඒ අත් අස්සෙන් උඩට රූටලා ආවා.....මොකක් හරි ලොකු දෙයක් කියන්න වගේ එයා මූනටම එබෙද්දි ධතාශ් අමාරුවෙන් උනත් ඇස් දෙකම ඇරගත්තා....
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........