..
..
..
..ඔයා ඔය තරම්ම කියන එකේ අයියා අදට විතරක් සමාව දෙන්නම් හාද...
.................
..ඔන්න අදට විතරයි ..පුරුද්දට එහෙම තියාගන්න එපා මෙව්වා....දන්නවනේ අයියගෙ හැටි....මෙහෙම හිටියට තරහා යනවා අයියට හරීයට.....
..................
..අනිත් එක ඔයා දුක හිතෙන විදිහට බලන් හිටිය නිසානේ ම්හ්ම්...චුට්ටක් හැරෙන්නකෝ දතාස්...වම් චුච්චුව යට වෙලානේ....
අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලේ වහලා වැඩක් තියෙනවද.....නෑනේ නෑනේ....දැන් නම් හදිසි වෙලා කසාද බැදගත්තු එක ගැන පසුතැවිලා කොහොමත් වැඩක් නෑ...බැදගත්තු බෙරේ ගහන්නම වෙනවා.....වඩාගෙන හරි කරට අරන් හරි ගහන්නම වෙනවා.....
ධතාශ්ට වහ වැටිලා සටන පාවා දෙන දතාස්ගෙම චූටි ඇට්ටරයා....මේකට දැන් මතක නෑ රන්ඩු කරපු හේතුවවත්...කාට කාවද අල්ලන්න එපා කිව්වෙ ඇයි කියන එකවත්....ජන්මෙට වඩා ලොකුයි කියනවනෙ පුරුද්ද....ඊටත් වඩා ලොකුයි කියනවනේ තීනුට දතාස්ව අඩනිරුවතින් දැක්කහම හැදෙන පෙරේතකම......
ඇට්ටරයට ඕන දෙයක් කරගන්න දීලා ධතාශ් ඒ ඉන වටේ අත් යවලා අත් දෙකෙන්ම තුරුලු කරගත්තා.....චුට්ටක් උස ගිහින් ඇරෙන්න එයාගෙ වස්තුව ඉස්සර වගේමයි.......ගෙබි පැටියෙක් ගානට අත පය ධතාශ්ගෙ ඇග උඩට දාගෙන ගුලි ගැහිලා හිතුවක්කාරකම් කරන්නෙත් ඉස්සර වගේමයි....ඉස්සර තරම් හුරතලේට අමුනන වචන නැතත්...ඒ මෝඩ කතා...පන්ඩිත කතා තවමත් එහෙමමයි........පපුවට දැනෙන දත්වල වගේම තෙත පහස එක්ක....ඇදන් උන්නු එයාගෙම කමිසෙ යටින් අත යවලා පිට දිගේ පිරිමදින ගමන් හිස් මුදුනට හාදුවක් තැවරුවේ ඉස්සර වගේම ආදරෙන්මයි.....
...ඔයා තව කාට හරි මෙව්වා දුන්නද දතාස්.....මේහ් දත් පාරකුත් තියෙනවනේ....
...ඔව් අද උදේ මන් නාහෙට අහන්නෙ නැති කොටි පැටියෙක්ව ගෙනත් පපුව අස්සෙ දාගත්තනේ...ඌ තමා ඔය හපලා තියෙන්නේ....
ධතාශ්ගෙ පපුවෙ සියුම් තැනක් ඉස්සරහා දත්වලින් ඇදගෙනම තීනු ඔලුව උස්සලා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරන්....කොටි පැටියෙක් හැපුවලු.......නිකන් කොටි පැටියෙක් නෙවේ කියන දෙයක් නාහෙට අහන්නෙ නැති කොටි පැටියෙක්ලු......
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........