..
..
..
කටරොළු පාට වීදුරු ඇස් එක්ක
බොර පාට ඇස් හරි හරියට හාදකම්
කතා නොකරම කතා කරන ඒ හිත්වල
ආලවන්තකම් බෝමයි
සමහරවිට මග කොමාවක් මුන ගැහෙයි
පින්පාට උබටයි උබගෙ මේ මටයි
ඒත් සත්තයි කොමාවක් ම විතරයි බං
පුළුවන් නම් විතරක්
කොමාව ළඟ මම එනකම් තනි රැකපන්
එතනින් මත්තට උබව අත් අරින්නෑ සත්තයි..
මොකද
උබේ බොර පාට ඇස් හරි ලෝබයි..
හරි ලෙන්ගතුයි..
සදහටම
මගේ නිල්කටරොළු වීදුරු ඇස් එක්ක ආලවන්තකම් පාන්න...(ආදරනීය රීඩර් කෙනෙක්ගෙන් හම්බුනේ..හුගක් ස්තූතියි මේ ආදරේට..මේ වචන හරි ලස්සනයි 😍🤗)
.
.
.
.
.
.
...අයිලන්ඩ් තර්ඩ්.......
හිතන්නත් කලින් තීනුගෙ අතින් එයාගෙ ෆෝන් එක බිමටම අතෑරිලා ගිහින් තිබුන...එක මොහොතකට..එකම එක මොහොතකට ලෝකෙම නතර උනා හා සමාන හැගීමක් හිත වෙලාගන්නකොට....මොකක්ද කියලා නොතේරෙන අමුතුම හැගීමක් හිරියක් හා සමානව ඇග දිගේ දුවද්දි....තීනුට වටපිටාව ගැන සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගියා....එයා ඉන්නෙ කොහෙද කියන එකත්...මොනාද කරන්නෙ කියන එකත්...අමතකම වෙලා යද්දි එයා කලබලෙන් වගේ ඇහිපිය ගැහුවා....එයාටත් හොරෙන් මගින් නතර උනු හුස්ම ආයෙමත් වතාවක් පපුව පිරෙන්න ඇදලාගත්තා.....එයාට දැනුනෙම කරකවලා අතෑරියා හා සමාන හැගීමක් වෙද්දි....නොසන්සුන්කමින් තීනු බිම වැටුනු ෆෝන් එක අහුල ගත්තා...
වෙනසක් නෑ...වරදින්න විදිහකුත් නෑ....ඒ ධතාශ්ගේ විබාග අංකෙමයි...පොතේ ලියලා තිබුනු එකමයි.....ඒක වරදින්න බෑ කියලා තීනුට විස්වාසයි..කොහෙත්ම වරදින්න බෑ....ෆෝන් එකෙන් පේනවා වගේම තීනු ලංකාවෙන්ම පස්වෙනියා වෙනකොට ධතාශ් ලංකාවෙන්ම තුන්වෙනියා වෙලා තිබුනා...කිසිම තරහක් නෑ...කොයිම ඉරිසියාවක්වත් නෑ...දැනුනු පුදුමය නිසා මොහොතකට ගල් වෙලා ගියා මිස..පියවි සිහියට ආවත් හරි තීනුගෙ තොල් අග හිනාවක් ඇදුනා.ෆෝන් එක ඇගිලි අස්සට කිටි කිටියෙ මිරිකිලා යන්න යද්දි...ඒ මූනේ සතුට මුසු උනු ආඩම්බරේකට හිනාවක් ඇදුනා...
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........