..
..
..
..දිලිසෙන ඇස් ඇස් පිය අතරෙම හැංගිලා ගිහින්.....මහ හුගක් ලෝබ හිතෙන තරමට කප්පරක් කතා කිව්ව ඒ නිල්කටරොලු ඇස් මහන්සියටම පියවිලා ගිහින්...පැය ගානක් වැහිලා ගිය ඇස් දෙකක් දිහා බලන් වේදනාවෙන් නිදිවරපු ඒ ඇස් මේ මොහොතෙ සැනසීමකින් පියවිලා ගිහින්...
කියන්න නොතේරෙන මොකක්දෝ සුවදක් හමන ඒ හිස් මුදුනට කීපවතාවක් දෙතොල් තද වෙද්දි....තවමත් අපහසුවක් වෙහෙසක් දැනුනා උනත් ධතාශ් නෙවේ ආයෙමත් ඇස් පියන්න හිතුවේ..පපුව මැද්දට සනීපෙට ගුලිවෙලා නිදන් ඉන්න වස්තුව තවත් දරාගන්න බැරිම මොහොතේ...පියවෙන්න යන ඇස් අමාරුවෙන් ඇරගෙන කිව්වෙම ආයෙත් නිදාගන්න එපා කියන එකම වෙද්දි....කොහොමද හිත හදන් ඇස් පියන්නේ....එයාගෙ පපුව මැදට ගුලි.උනු ඇස්වල අයිතිකාරයව රිද්දලා තවත් මොහොතක් හෝ ඒ ඇස් මානෙන් හැංගිලා යන්නේ....
ධතාශ්ට පිට උනේ බර හුස්මක්....දැනෙන ඈලි මෑලි ගතිය එක්ක...කොන්ද පිටිපස්සෙන් දැනෙන තරමක වේදනාව ඇරුනාම ධතාශ්ට මහ ලොකු අමාරුවක් නැති උනා...හීනෙන් වගේ මතකයෙ රැදුනු චායා එක්ක...වෙද මාමා එන්න ඇති කියන එක තේරෙද්දි...දරාගන්න බැරි ඇගේ අමාරුව එක්ක නිලංකාර වෙලා ගිය ඇස්වලට...මේ තරම් සහනයක්...නිදහස් බවක් දැනෙන්නේ වෙද මාමා නිසාමයි කියන එක නම් ධතාශ්ගෙ හදවත ස්තීර කරලා කිව්වා.....
මොන මොනවදෝ කියලා...බලෙන්ම හාදුවකින් හොරාගෙන..අවසානෙ මුරන්ඩුකම් කරපු ඇට්ටර කොල්ලා හිතේ සැනසීමටදෝ ඇස් පියන් හිටියේ රෑට කන්නවත් සිහියක් නැතිව....ධතාශ්ගෙ බෙල්ල පාමුලට ඒ පිරුනු කම්මුලක් තද වෙලා ගිහින් තියෙද්දි..නිදිමතේ සැරටම යාන්තමට ඇරුනු තොල් පට අතරින් හීනියට හුස්මවල් පිට උනා......තොල් පට විවර කරන් නිදනවා කියන්නෙම....කෙනෙක් රැදෙන්නෙ සැප නින්දක හොදම කොටසක කියන එක වෙද්දි....තීනුගෙ තොල් අතරින් පිට පැනපු කෙල බිදිති උරහිස් ඇට අතර රැදිලා තිබුනා උනත්..පිහින්න කරදර නොවීම ධතාශ් තවත් තදින් එයාව අත්වලින් හිර කරගත්තා......යන්න දෙන්න බෑමයි කියන්න....ඒ කකුලක් ධතාශ්ගෙ ඉන හරහා ගිහින් ඇදෙනුත් පහලට එල්ලෙන ගමන් තියෙද්දි.....ඒ අතක් බෙල්ලවත් හොල්ලන්න බැරිවෙන්න ධතාශ්ගෙ කන ගාවින් ගිහින් මිටිමොලවලා ඒ කොන්ඩෙ අහුරකින් තද කරලා අල්ලන් හිටියා....උඩට කමිසයක් නැති නිසාදෝ අල්ලලා තද කරගන්න දෙයක් නැතිවදෝ අහුරක්ම අහුවෙන්න ඒ කොන්ඩෙ අල්ලන් ඉද්දි යාන්තමට වගේ රිදුම් දුන්නත් ධතාශ්ගෙ තොල් අග ඇදිලා තිබුනෙ හිනාවක්.....
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........