....
..
..ඒහ් මේහ්...
...ඇයි මොකෝ...
..පොඩ්ඩක් එන්නකෝ...
...පොඩ්ඩක් නම් එන්න බෑනේ දතාස්...ඔන්න එනවානම් චූටි වස්තුවට සම්පූර්නයෙන් තමා එන්න වෙන්නෙ...කෑලි මග හල හල එන්න බෑනේ....
..මගෙ බටු ඇටේ...දැන් පන්ඩිත වෙලා..
ඇත්තනේ ඉතින් තීනුත් කියන්නේ....පොඩ්ඩක් එන්න කිව්වම පොඩ්ඩක් විතරක් යන්න පුලුවන්ද අනේ..යනවා නම් සම්පූර්නයෙන් නේද යන්න වෙන්නේ...දතාස්ටත් විකාර අප්පා වෙලාවකට...
ධතාශ් තීනුට ඔලුවෙන් කතා කලේ ලගට එන්න කියලා..පන්ඩිතකම් කියාගෙන උනත් තීනු ධතාශ් ලගට අඩි තිබ්බෙ හරි අමාරුවෙන් ...එයාටත් වඩා ලොකු ධතාශ්ගෙ සෙරප්පු දෙකත් කකුල්වලට දාගෙන....ඇදන් උන්නු ධතාශ්ගෙම කමිසෙ හුලං වැදිලා පිම්බිලා එද්දි නියර දිගේ තීනු ධතාශ් ලගට අඩිය තිබ්බෙ ටිකක් විතර අමාරුවෙන්.....ඇයි ඉතින්බටු ඇටේ හුලගට ගහන් ගියොත් එහෙම.....
...මේහ් දැක්කද...
..අයියයියූහ්හ්...ඒකේ ලොකු....
ධතාශ් තීනුට පෙන්නුවේ එයා ගහකට හේත්තු කරලා තිබ්බ ලොකුම ලොකු සරුංගලයක්.....කිතුල් පිත්තකින් හදලා කලු ඉටි කවරවලින් අලවලා කලු පාටින්ම රැලි දාපු වවුල් හැඩේ සරුංගලේ හරි උජාරුවට ගහට හේත්තු වෙලා එයාට වඩා පහලින් ඉන්න තීනු දිහා බලන් හිටියා වෙද්දි....බටු ඇටේ නම් ඔන්න අත් දෙකෙන්ම කට වහන් ධතාශ් දිහා බැලුවා......
අගෝස්තු මාසේ.....අගෝස්තු කියන්නෙම කොල්ලො කුරුට්ටො තරගෙට සරුංගල් හදන කාලේ.....අම්මට ගෙදර පොඩි උන්ව දම්වැල් දාලාවත් ගෙට කරලා තියාගන්න බැරි කාලේ.....අහසෙ තිතක් ගානට හරි සරුංගලයක් දැක්කා උනත් මොන්ටිසෝරි යන පොඩි එකා පවා එලියට බහින්නෙ ආන් මොනරෙක්,ආන් වවුලෙක්,ආන් නයෙක් කියාගෙන වෙද්දි.....ඔය අහසෙ උජාරුවට උඩ ගහලා ඉන්න සරුංගලේ හුලන් පාරක් නිසා හරිනූල බුරුල් වෙලා හරි කඩාගෙන යන්න ගන්නවා කියන්නෙම මැරතන් එක දිවිල්ලටත් හපන් දිවිල්ලක් වෙද්දි.......සමහර පලාත්වල පරවින්ට මිනිස්සු මිනී මරාගන්නෙ කොහොමද...ඒ හා සමානව වෙල් දෙනි තියන ගම්වලත් සරුංගල් නිසා මිනිමැරූමක් දෙකක් වාර්තා වෙන්නෙ නැතිවමත් නෙවේ...
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........