....
..
දූවිල්ලත් එක්කම පාට හේදිලා යන්න ගිය කඩුල්ලෙ පහල ලීයෙන් චූටි කකුල් දෙකක් වත්තට ඇතුලු උනේ හොරාවට.....අව් කාස්ටකේ දරන්න බැරිව තැනින් තැන වියලිලා ඉරිතලලා ගිහින් තිබුනු පොලොවෙ පාලු මකන්න විහිරිලා තිබුනු රලු වැල්ලටටවත් නොරිදෙන ගානට.....හොරෙක්....නෑ හොර බට්ටෙක්.....හොරෙන් වගේ අඩි තියන ගමන් හොරාවට ඇස් කරකවලා විසල්ව නැගී ඉන්න වලව්ව දිහා බලන් හිටියෙත් අමුතුවට...
...සුදූ...මන් දැන් කී පාරක් කිව්වද ආහ් මේ ලමයව මිදුලට දාන්න එපා ජරාව අල්ලනවා කියලා....
..මිදුලට දාන්න එපා කියලා ඔයා මට කියන්නෙ දරුවව දෙපැත්තෙන් දොර ජනෙල් වහලා හිර කරලා තියාගන්න කියලද දිනූ ආහ්....ගේ ඇතුලෙ ඉද්දි කෑ ගහනවා අරක අදිනවා මේක අදිනවා කියලා...මට වැඩක් කරගන්න පොඩ්ඩක් දරුවව එලියට දැම්මාම ජරාවයි අරකයි මේකයි කියලා කෑ ගහනවා...
..කියන දේ තේරුම් ගන්නවා සුදූ....ඩොක්ටර්ත් කිව්වා ඉදිමුම බහිනකම් නාවන්න එපා කියලා...එහෙම තියෙද්දි ජරාව ඇල්ලුවොත් නාවන්න පුලුවන්ද...
..ඉතින් කවුද කිව්වෙ නාවනවා කියලා...දරුවව ඇග හෝදනවා..එතකොට හරිනේ...
..ඔයාට නම් කියලා වැඩක් නෑ සුදූ...
දිනේශ් තූර්යටත් නෝක්කාඩු කියාගෙන මිදුලට බැස්සෙ අමනාපෙන්.....අම්මත් එකයි දරුවොත් එකයි...පුදුම මුරන්ඩුකමක්.....
..සුදු මහත්තයා...කෝ මෙහෙ එන්න..ඔය ජරාව අල්ලන්න එපා....කෝ පුතාගෙ පාත්තු දෙක...කියලා තියෙනවා නේද පාත්තු දෙක දාන්නෙ නැතිව මිදුලට බහින්න එපා කියලා...
..පාත්තු?..
..පාත්තු දෙක තමා...කෝ....එකක් තියෙනවා අනික නෑ...කොහෙටද දැම්මේ...
..මේ තීන්නේ ඩඩා මේ තීන්නේ...
හරි කෝලමක්.....කෝලම් කරන චූටි බටු ඇටයක්...ඇබිත්තන් කලිසම් කොටයක් ගහගෙන වැලිගොඩේ ඉදගෙන සෙල්ලම් බත් උයන්න හදන පන්ඩිත රාල කෙනෙක්......රෝස පාට එල්ලෙන කම්මුල් එක්ක වීදුරු ඇස් දෙකක් තියෙන හුරතල් බෝල ගෙඩියක්...
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........