0110

1.5K 269 80
                                    

..

..

..






     එකපාරටම මහ හයියෙන් වැහැපු වැස්ස පෑව්වා වගේ..!.මුලු ගෙදරම ඉදිකටු තුඩක් වැටෙන හඩ දෝ‍ංකාර දෙන තරමේ නිහඩතාවය ගිලිලා යද්දි....ශීට් එක අස්සෙ හැංගිලා හිටිය හොර ගෙඩියෙක් ඇස් විතරක් එලියට දාලා හොදට වටපිට බැලුවා..හරිම සාමකාමි...කලබල වෙන්න කිසිම දෙයක් නෑ...නීනුගෙන්වත් සද්දයක් නෑ....ශීට් එක පැත්තකට දාලා හොර ගෙඩියා පොලොවටත් නොදැනෙන තරම් හෙමින් පොලොවට අඩි තිබ්බා....





..ක්‍රීස්ස්ස්....


   මලකඩ කාපු සරනේරුවලින් දත් හිරිවට්ටන හඩක් ඇහෙද්දි...පුලුවන් තරම් හෙමින් දොර ඇරපු තීනු බෙල්ල විතරක් එලියට දාලා වටපිට බැලුවා.....ම්ම්ම්...ඉසව්ව පැහැදිලියි..පේන මානෙක නීනුවත් නෑ.....හොරෙක් වගේ ආයෙමත් වටපිට බලලා දොර තව පොඩ්ඩක් ඇරපු තීනු ඇගේ ඉතුරු බාගෙත් එලියට දාලා හොරෙන් හොරෙන් අඩි තිබ්බෙ ඉස්සරහා දොර පැත්තට....අනිවාර්යයෙන් අම්මා කුස්සියේ ඇති......



   ඉර එලිය හොදටම වැටිලා....උදෙන්ම ඇගට දැනෙන සීතල ඉර එලිය එක්කම නැතිවෙලා යන්න ගිහින්....හැමලමයෙක්ම පාහේ ස්කෝලෙ ගිය නිසාදෝ ගමෙන්ම බාගයක්ම නිහඩතාවෙ ගිලිලා.....ඉස්සරහා දොරින් හොර අඩි තියාගෙන එලියෙ වැලි මිදුලට බැහැපු තීනු තව චුට්ටක් වටපිට බලලා ගෙයි අනිත් පැත්තෙන් ලිද ගාවට ගියේ දූවගෙන...මොන දෙ කරන්නත් මූන කට හෝදගෙන ඉන්න ඕනනේ...

       අම්මා අප්පච්චි දන්නවා උනාට තීනු ස්කෝලේ ගියෙ නැ කියලා ඒක පෙන්නන්න ඕනත් නැනේ ඉතින් ..පේන්න ගියාම හේතු අහනවත් එක්කනේ...හේතු අහන හැමෝටම උත්තර දෙන්න තීනුට හැමවෙලාවෙම බොරු මතක් වෙන්නෙත් නෑනෙ ඉතින්...

   උදෙන්ම ඇගත් හෝදගෙන තීනු ඉන වටේ පටලවගත්තේ ලිද ලග වැලේම වනපු ධතාශ්ගෙම ටවල් එක......තීනුගෙ එක ඇත්තේ කාමරේ ඇතුලේ...හදිස්සියට දුවන් ආවට ඒක ගේන්න අමතක උනානේ.....ධතාශ් උදේ ඇග හෝදලා එහෙම්මම වනපු ටවල් එකේ තාමත් යාන්තමට තෙත ගතියක් තිබ්බත් තීනු නෙවේ ඒක ගනන් ගත්තේ...එයා ඇදන් හිටිය ඇදුම් ටික ගලවලා දැම්මේ ටැප් එකට එහායින් තිබ්බ උස බාල්දියට....

🍁නූශ්🍁(Zhanyi)✅Where stories live. Discover now