..
..
..
..අකේන් !...ඔහොම ඉදපන්!
මතීශ්.....ඒකා කඩාපැන්නෙම හොදම වෙලාවට....මැදිහත් වෙන්න ඕන නැති අවස්තාවකට...
තිනු තවමත් හිටගෙන....රත ගැහිලා දිලිහෙන තොල්පෙතිවලට දෑගිලි තද කරගෙන...ඒ ඇස් කලු ඇස් ලොකු වෙලා....ඉහලට ගත්තු හුස්ම පහලට දාන්නත් අමතක වෙලා...හීනියට මෝදු උනු කදුලු කැටයක් දැන් දැන් ඒ ඇස් පුරාම පැතිරිලා.....
ධතාශ්!
ඒ එයාමයි....ඔව් ඒ එයාමයි.....තීනුට වඩා වෙන කවුද ඒ ගැන දන්නෙ..චූටි වස්තුවට වඩා වෙන කවුද එයාව අදුනන්නේ...
ඒ උස...ඒ මහත...බැලූ බැල්මට අදුන ගන්න බැරි තරම් වෙනස් වෙලා.....යාන්තමට පැදුනු උගුරු ඇටය වෙනුවට සම්පූර්ණයෙන්ම මෝරපු උගුරු ඇටය එක්ක ඒ කටහඩ අදුනගන්න බැරි තරමට වෙනස් වෙලා....දූවිලි සුවදක්....මඩ සුවදක් එක්ක දාඩිය සුවදක් විතරක් දැනුනු ඒ ගතින් දැන් දැන් මිලාදික විලවුම් සුවදක් හමන්න අරන්..ගෙවුනු අවුරුදු පහට තීනු වෙනස් උනේ කොහොමද ..ඒ හා සමානව එයත් සම්පූර්ණයෙන් වෙනස් වෙලා...හැමදේම...බාහිර රූපය ගැන දැනට කියන්න පුළුවන් හැමදේම.....ඔව් ඒවා වෙනස් වෙලා.....හිතාගන්න බැරි තරමට...ගෙවුනු කාලෙ ඒ හැමදේම වෙනස් කරලා....
ඒ උනත් ඒ ස්පර්ශය......මොන දේ වෙනස් උනත් පුලුවන්ද ඒ ස්පර්ශය වෙනස් වෙන්න...ඒ හැගීම් කවපු හාදුව..දෙතොල්වල රිද්මය...පරිස්සම...සන්සුන් බව..හැගීම්වලට වඩා හාදුවකට පරිස්සම කැටි කරපු ධතාශ්ගෙම ස්පර්ශය තීනුට කොහොම කියලා මග ඇරෙන්නද...කොහොම කියලා වෙනස් වෙන්නද....
බයික් එක තවම එතන.....තීනුත් තවම එතන.....ඒත් ධතාශ් ....එයා.....කොහෙද...කොහෙටද ගියේ.....කලබලෙන් වටපිට බැලුවත්...වේගෙන් ගැහෙන හදවත සන්සුන් කරගන්න හදන ගමන් කදුලු උනන ඇස්වලට තරවටු කරන් කොයිතරම් වටපිට බැලුවත්...එයා නෙවේ පේන්න හිටිය්රෙ..එයාගෙ නෙවේ හෙවනැල්ලක්වත් පේන්න තිබුනේ....කලබලෙන් වගේ වටපිට බලපු තීනුගෙ ඇස්වලට මතීශ් ඇරෙන්න වෙන සේයාවක් නෙවේ අහු උනේ....
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........