..
..
..තවම හිරිමල් වියේ හින්දා තේරුමක් නැති නිසාදෝ......
පෙමට කුලුදුල් හැඟුම් හින්දා හේතු නොදකින නිසාදෝ.......
ලඟම රැදිලා හිනාවෙන්නට හිතම කියනා නිසාදෝ.......
කදුලු දුන්නා ඉතින් නොදැනිම මගේ වරදක් නිසාදෝ....ඉතින් තරහින් අහක බලමින් හුගක් කල් නුඹ ඉදීදෝ....
එදා වාගෙම මගේ පස්සෙන් ඉතින් නෑවිත් ඉදීදෝ...
තිස්සේම කියවනා මුව හෙට ගොලුවෙලා ගොස් තියේදෝ....
වැරැද්දක් වු නිසා මාගෙන් තීනු තරහින් ඉදීදෝ.......ධතාෂ් ගෙන්.... ❤.
තීනුට....💚
( @Rukshikalhari අක්කිගෙන් හම්බුනේ කතාවට...හරි ලස්සන ආදරනීය වචන..🥺කතාවෙ චරිත වෙනුවෙන් ලැබෙන මේ ආදරේට හුගක් ස්තූතියි..🤗🤗මටත් වඩා ඔයාලා මේ චරිත ඇතුලෙ ජීවත් වෙන එක ගැන පුදුම සතුටක් දැනෙන්නෙ..)
.
.
.
.ටික්...ටික්...ටික්....
ඔරලෝසුවේ කටු දුවන් යන්නෙ නැවතීමක් නැතුව...ගෙවුනු කාලයටත්...ගෙවෙන්න නියමිත කාලයටත් කිසිම ආකරයක වෙනසක් සිදු නොකරම..තප්පර කට්ට දුවන් යද්දි...ඒ එක්කම විනාඩි කටුවත්....හුගක් හෙමින් පැය කටුවත් ඇදි ඇදී ගියා...
..තව චුට්ටයි...කෝ මේ පැත්තට...
..ම්..මේ මේකත් ගාන්න....
..ඕක වැඩක් නෑ....පොඩී පිස්සු නටන්න එපා....
..මතත්..මතත්...
..නෑ නෑ පොඩි අයට මේවා නෑ...ලොකූ...ටිකක් මේ පැත්ත බලනවකෝ...
..ආව වෙලාවෙ ඉදන් මොකාද වගේ මූන එල්ලන් ඉන්නෙ..මොනා වෙලාද අප්පා...
..ඉන්ඩ දීලා පලයවු එහාට...
වෙලාව රෑ අටට විතර ලන් වෙලා.....වෙනදා වැඩ කරන ටීවි එක කවදාවත් නැතිව ඔහේ වැහිලා ගිහින් තියෙද්දි...ගඩොල් බිත්තිවලින් වටවුනු ධතාශ්ගේ ගෙදර ඇතුලේ එකම යුද්ධයක් වගේ.....කෙල්ලො තුන් දෙනා එහෙට දුවනවයි මෙහෙට දුවනවයි ඉවරයක් නෑ...ඔය අතරින් පතර අම්මයි අප්පච්චියිත් සාලෙ පුරා එහෙට මෙහෙට යද්දි ධතාශ් විතරක් පුටුවක වාඩිවෙලා අත් බැදන් හිටියා....
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........