..
..
..
බයික් එකක් අතට ආවම කොල්ලෙක්ට මේ ලෝකෙ සිහියක් තියෙයිද...ඒකත් අවුරුදු විසි තුනක් වගේ යෞවනයේ දඩබ්බරම අවදියේ ඉන්න කොල්ලෙක්ට...නෑ!..කොහෙත්ම නෑ.....
බයික් කියන්නෙ ආගමක් නම් කොල්ලො කියන්න ඒකේ බැතිමත්තු...
අකේන් කියලත් වෙනසක් නෑ.....කොල්ලට ආසව තිබ්බෙත්...ඕන උනෙත් බයික් එකක්...අනුන්ගෙ උනාට මොකද ඉතින් කොහොමහරි බයික් එකක්නේ...පොඩ්ඩක් වැඩකිඩ දාලා පදින්නයි ඕනා...දෙතුන් වතාවක් රේස් කරලා හුලන් පාර කපාගෙන ඉස්සරහට යන ගමන්....ලොකු ලොකු වාහන අස්සෙන් ලිස්සලා යන ගමන්...විදුලියක් ගානට ඉස්සරහට ඇදුනු අකේන් හිටියෙ එයාගෙම ලෝකෙක....නිදහසේ පියාබලා යන්න අත්තටු ලැබුනු ගානට....එකම එක රූපයක් දකිනකම් විතරක්....
තද කලු පාට ජැකට් එකක්....කලු ග්ලවුස් දාපු අත් දෙකත්.....තද කලු පැච් ඩෙනිම් කලිසමට තනි සුදු සපත්තු දෙකක්....ඒ එක්කම රතු පාටත් කලු පාටත් එකතුවෙලා රටා මවපු හොනට් එකටම ගැලපෙන ෆුල් ෆේස් හෙල්මට් එකක්.....
වරදින්න විදිහක් නෑ....ඒ රුපෙමයි...ඒ බයික් එකමයි...ඒ නම්බර් ප්ලේට් එකමයි......ඒත් මේ වතාවෙ පිටිපස්සෙන් නෙවේ ඉස්සරහින්......අකේන්ට වඩා වාහන කීපයක් ඉස්සරහින්...හ්ම් හ්ම්...බැහැරක් වෙන්ටෝනා.....කෑල්ල බලන්නද නැත්නම් කෑලි කුඩු කරගන්නද...අකේන්ගෙ තොල් අග ඇදී.ගියේ මහ නසරානි හිනාවක්....
සෑම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතිකියාවක් තියෙන්නත් එපැයි...එහෙම නැත්නම් නිවුටන්ට දුක හිතෙන්නත් ඉඩ තියෙනවනේ....
අකේන් බයික් එක රේස් කලා...හෙල්මට් නෑ කියන එකවත් ගානක් නැතුව...ලයිසන් නෑ කියන එකවත් ගානක් නැතුව කියන දෙයක් නාහෙට නාහන කොල්ලා බයික් එක රේස් කලා...හප්පලා දානවා.....හප්පලා කුඩුකරලා දානවා....
වෑන් එකක් ඉස්සර කරගෙන කාර් එකක් ලගින් වංගුවක් ගහගෙන අකේන් ඉස්සරහට ඇදුනේ පිටිපස්සෙන් ඇහෙන හෝන් හඩ ගානකටවත් නොගෙන...වෙලාවෙ හැටියට හප්පලා දාන්න පුළුවන් වෙන එකක් නෑ...ඒත් කානුවකට වගේ තල්ලුවක් දෙන්න පුලුවන්නේ...අකේන් මේ ලෝකේ සිහියක් නැතුව හොනට් එක පස්සෙ පැන්නුවේ මතීශ්ලා තාම පස්සෙන් එනවා කියන එකවත් ගානකට නොගෙන...
ESTÁS LEYENDO
🍁නූශ්🍁(Zhanyi)✅
Fanficඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........