....
..
හැන්දෑ යාමෙ නම් ගෙවිලා ගියේම තරහා උනු නපුරෙක්ගෙයි හැංගි හොරා එබිකම් කරපු හොර ගෙඩියෙක්ගෙයි චූටි චූටි කෝලම් එක්ක....මූනෙ පැත්තක් යාන්තමට රත ගහලා තිබ්බ උනත් බෙල්ලෙ යාන්තමට හීරූම් පාරක් දෙකක් තිබ්බා උනත් ඒක තරහා වෙලා අහක බලාගන්න තරම් දෙයක් නම් නෙවේ කීයටවත්.....ලේ එනකම්ම චූටි වස්තුව කම්මුල් හපලා දැම්ම වෙලාවෙත් තරහා නොවුනු ධතාශ් ඔන්න අද නම් මොකක්දෝ හේතුවකට මූනත් එල්ලගෙන ඉද්දි විටින් විටේ යටිතොල හපාගෙන මොකක්දෝ කල්පනා කරද්දි....කොච්චර ඇහුවත් එයා නෙවේ ඒකට හේතු කිව්වේ...තීනු ලගට එන හැම මොහොතකම චුට්ටිත්තක් විතර රවලා ඈත් උනා ඇරෙන්න.....එයා නෙවේ හවස් යාමෙ ගෙවිලා යන්න යද්දි තීනුට ලන් උනේවත්...
ඒක සම්පූර්නයෙන්ම තීනුව මග හැරීමක්...ධතාශ් දන්නවා ඒක....ඒ වගේම පුංචිම පුංචි සිදුවීමක් උනත් ඇති ඒ හිත තලාගන්න කියන්න....ඒ නිසාම හරියට කතා නොකලත් මොකද පුරුදු විදිහටම බත් ගුලි අනලා කවපු ධතාශ් රැය ගෙවිලා යන්න යද්දි කලින්ටත් වඩා තදට එයාගෙ වස්තුව තුරුලු කරගත්තා......ඒ හිස්මුදුනෙන් හාදුවක් තවරලා ගැලවෙන්න බැරිවෙන්නම පපුවට තුරුලු කරගත්තා....
ධතාශ්ගෙ ඇස් පියවෙලා...ඇත්තමටද නැත්නම් බොරුවටද...තීනු දන්නෑ...තීනුට හිතාගන්න බෑ...ඒ උනත් ඒ නිදි නැති ඇස් චූටි මූනත් එක්කම උඩට ඉස්සුනේ හොරාවට....ගෙබි පැටියෙක් වගේ ධතාශ්ගෙ ඇග දෙපැත්තෙන් කකුල් දාගෙන ඒ පපුව උඩ මූන තියන් හිටිය තීනු චුට්ටක් විතර ධතාශ්ගෙ ඇග දිගේම උඩට රූටලා ඇවිත් ඒ මූනට බර උනත්....නින්දෙන්ම උනත් ගැලවිලා යන්න බැරිවෙන්න ඒ හීන් ඉන වටේ ධතාශ්ගෙ නහර පෑදුනු අත් තදින් එතිලා....එයා ශක්තිමත්....තීනු ලගින් රැදෙන හැමමොහොතකම නින්දෙන් උනත් ඒ අත් හරි ශක්තිමත්......
වෙලාව රෑ එකොලහ පහුවෙලා....වෙනදට දහය හමාර වෙනකම්ම බලන ටීවි එක අද නිවිලා ගිහින්...ටීවි එක විතරක් නෙවේ හැමදාම නිවන්නෙ නැති ගෙදර ඉස්සරහ ලයිට් එක පවා නිවිලා ගිහින්....කාලෙකට පස්සේ මුලු ගමටම කරන්ට් කපලා තියෙද්දි ගෙදර මිනිස්සු කරන්න දෙයක් නැතිකමටම කුප්පි ලාම්පු පත්තු කරන් දහය වෙද්දි නින්දට වැටිලා තිබුනා...
ŞİMDİ OKUDUĞUN
🍁නූශ්🍁(Zhanyi)✅
Hayran Kurguඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........