0071

2.3K 422 111
                                    

.
.
.



යාලුවෙන්නලුනේ...යාලු උනොත් ලොකුම ලොකු එකක් දෙනවලුනේ....හාදුවකට සටන පාවාදෙයිදෝ හිතන් ධතාශ් එක පන්ඩිත රාල කෙනෙක් වගේ වචන අමුනලා කතා කලේ අනවසරෙන්ම ඒ තොල්පටේ හාදුවක් තියන ගමන්මයි.....ඒත් ඉතින් එකපාරටම උඩින් පාවෙලා ආව මොකක්දෝ දෙයක් ඔලුව උඩ වැදෙද්දි..පාතට නැවිලා හිටිය කොල්ලා ගැස්සිලා ගිහින් ඒ පමාවට කෙලින් උනා.....


..මොනාද වෙලා තියෙන්නෙ..!

ධතාශ් කෑ ගැහුවෙ එක අතකින් නලල පිරිමදින ගමන්...පාඩම් කර කර හිටිය පොතෙන්ම ඔලුවට ගහන්න තරම් චූටි වස්තුවට මොනාද උනේ...

..ඕන්නෑ...!..ඕනෙම නෑ....

..ඒ...ත්....

..එහාට යනවා...!එහාට..



පුටුවත් සද්දෙට පස්සට කරලා තීනු නැගිට්ටෙ හීනි කරගත්තු නපුරු ඇස්වලින්.....නපුරු පාටමද...නැත්නම් ඒ හිතුවක්කාර මුරන්ඩු පාටද....හිතාගන්න බෑ....ඔය කීපෙම එකතු උනු පාටක් ඒ ඇස්වල නම් තිබුනේ.....ධතාශ් බලන් හිටියෙම පුදුම උනු ඇස්වලින් වෙනකොට....තීනුගෙ ඇස්වල නම් තිබුනේ එයා මිනීමැරුවටත් වඩා අපරාදයක් කලා වගේ බැල්මක්...




..පරක්කු උනු නිසා තරහා වෙලාද ම්ම්....එහෙම තරහා වෙන්න එපා ඉතින් ඔයාගෙ දතාස්ට පාලුයිනේ...

..පාලුයි නම් ඇයි ගියේ ඉන්න තිබුනනේ....බොරුකාරයා...!..මාව..මාව රැවැට්ටුවා...!!..රවට්ටලා අතැරලා දැම්මා.....!..බොරු කියලා ලස්සන අක්කලව බලන්න ගියා....

..කවුද කියන්න බලන්න චූටි වස්තුවව රවට්ටලා අතෑරලා ගියේ..ම්ම්..?..මං දන්න කවුරුහරිද...

..දන්නවද කියලා අහන්නේ..!..දතාස්!..දතාස් තමා....ආන් ඒ බූරු බල්ලා තමා...

..හහ්...දතාස්ද..අර උස , කොන්ඩෙ කපුටු කූඩෙ වගේ කොල්ලා නේද...ම්ම්.?මං දන්නවා ඒ බූරු බල්ලව..

..එපා...!!..මගෙ දතාස් බූරු බල්ලෙක් නෙවේ!..එයා එහෙම නෑ.....බූරු බල්ලෙක් නෙවෙ...!!..සමාව ගන්නවා..!..මගෙ දතාස්ට බූරු බල්ලා කිව්වට දැන්ම සමාව ගන්නවා...!..

..ඔයාගෙ දතාස්ද ම්ම්..?..

ඔය ඉතින් ...ටිකක් කේන්ති ගන්නවත් දෙනවද චූටි වස්තුවට....තොල් අග ඇදගත්තු හිනාවක් එක්ක අතින් ඇදලා පපුවට තුරුලු කරන්ම ඒ වචන මුමුනනකොට....මුරන්ඩු පාට ඇස්වල හැගීම් දිය උනේ හරි ඉක්මනට ....දාඩිය පුසුබ හමන පළල් පපුවෙ උනුහුමක් වෙනුවට දැනුනු තෙත් ගතිය රෝස කම්මුලක තැවරිලා ගිහින් හරි ආඩම්බරකමක් කරපු ගානට දිලිහෙන්න ගන්නකොට....අනෙක් කම්මුලට අසාධාරණයක් උනු බව හිතිලදෝ චූටි වස්තුවක් හොරාවට දාඩියට පෙගුනු පපු තලේක කම්මුලක් තෙරපුවේ හරි ලෝබකමට......එයාගේ....එයාගෙ විතරයි.....ලෝකෙන්ම හංගලා පරිස්සම් කරන්න පුළුවන් ඒ පළල් පපුව...රලු උනත් ආදරේ වෑහෙන හැගීම් පිරුනු හදවත.....අයිතිය ඉල්ලුවත් නැතත් හදවතට වඩා හැගීම්වලින් බර උනු පපුවෙ හිමිකාරයත් චූටි වස්තුවගෙ විතරමයි.....



🍁නූශ්🍁(Zhanyi)✅Where stories live. Discover now