..
..
..
.
.
.
.
.
.
..
.
.
.
.
.
.රැයක් ගෙවිලා අලුත් දවසක් උදා වෙනකොට හැමදාමත් වගේ පුරුදු යුධ පිටිය ඉරටත් කලින් බිත්ති හතරක් ඇතුලෙ පටන් අරගෙන තිබුනා.....ඉස්සර නම් දරුවො පස් දෙනෙක් උනත්...මේ වෙද්දි දරුවො හයදෙනෙක්ම ජීවත් වෙන ගෙයක් කියන්නේ උදේට ස්කෝලෙ යන්න ලෑස්ති වෙනකොට යුධ පිටියකටත් හපන් තැනක් කියන්න වෙන අටුවා ටීකා නම් ඕන නොවුනා....
..කෝ මගෙ මේස් දෙක.මේ දැන් මෙතනනෙ තිබ්බේ..අම්මේහ්..මගෙ මේස් දෙක නැහ්හ්...
..ඇයි දැන් උබ කියන්නෙ මන් ගත්තා කියලද ආහ්...
..උබ..!..ඔව් උබ ගන්න ඇත්තේ..සපත්තු දෙක ගලෝලා පෙන්නපන්...
...ගලවන්නේ නෑ...පුලුවන් දෙයක් කරපන් බලන්න...මේ මගෙ මේස් දෙක...
ඒ කෙල්ලො දෙන්නගෙ හැටි....උන් දෙන්නා කොහොමත් බඩු මාරු කරන් උදෙ පාන්දර වලි අල්ලනවා...අත් දෙකටම දෙන්නගෙ ඇදුම් පැලදුම් වෙන වෙනම ගෙනත් දුන්නත්..අන්තිමට මුන් දෙන්නා කොන්ඩෙ පීරන්න කන්නාඩියට හරි මරාගන්නවා....ගෙදර මිනිස්සු කවුරුත් ඔය ප්‍රශ්න මැද්දට පනින්නෙ නැත්තේ පැන්නා කියලා ඔව්වා මෙලෝ සම්මජ්ජාතියකට විසදන්න පුලුවන් ප්‍රශ්න නොවෙන නිසා....
...ඔය තියෙන්නෙ උබේ මගුලේ මේස් දෙක...ඇස් කටේ දාගෙනද හොයන්නෙ ඕයි..
..ඇස් කටේ තමා තියෙන්නෙ...ඇයි උබ අරන් දෙන්නද ආහ්.. අරන් දෙන්නද!..
සාමාන්‍ය ඇදුමින් බලද්දි කොලු බාගයක් විදිහට අදින මද්දුගෙත් ගවුම් අදින පොඩීගෙත් වෙනස ඕනාවටත් වඩා හොදට කැපිලා පෙනුනා උනාට යුනිෆෝර්ම් එක ඇන්දම...එක කෙස් ගහක වෙනසක් කියන්න බැරි කෙල්ලො දෙන්නා තනිකරම යක්ස පැටව් වගේ උනා....කාගෙහරි ඇගකට කඩා පනින්න බලන් දෙන්නම ඉන්නේ ගමකට ගහන්න වගේ කට හදන් වෙද්දි...ඉදලා හිටලා කලාතුරකින් වගේ නිවුන්නු දෙන්නගෙන් කවුදෝ කොල්ලෙක්ට ගහලා කියලා ගෙදරට පනිවිඩේ එන දවස්වලට අම්මා අප්පච්චිටම හිතාගන්න බැරි උනා ඇත්තටම මුන් දෙන්නා කාගෙද කියලා...
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........