|26|

2.5K 373 265
                                    

"තිනූ... ගිහින් හාන්සි වෙන්න නැත්නම් ඇදට වෙලා ඉන්න... මෙතන ඉදන් උන වැඩි කරගන් නැතුව..."

සුහාන් දැන් මේ කියන දෙවෙනි වතාව මේක... හොද පන ගිහින් හිටියේ සුහාන්ගේ....

"ඇයි ඔච්චර කෑ ගහන්නේ... ඒකටත් උන වැඩි වෙනවා..."

තිනූ කිචන් ලෙජ් එක උඩට අත් දෙක තියලා බුග් ගාලා ඉදගන්න ගමන් කිව්වම සුහාන් මරාගෙන මැරෙන බැල්මක් තිනූට දැම්මා...

"මම..ඔව් දැන් මම කෑ ගැහුවම තමයි උන වැඩි වෙන්නේ... මම දවල් ඉදන් සාත්තු කරලා උන බස්සපුවා ගැන පේන් නෑ... "

තිනූ ලෙජ් එකේ ඉදන් කකුල් දෙකත් වන වනම තොල් දෙක උල් කරා..

"මොනවද බැස්සුවේ... මොකද ඔච්චර කෑ ගහන්නේ කනත් ඇහෙන් නෑ වගේ දැන්.."

ආවා මදි පාඩුවත් සුහාන් අතේ තිබ්බ පිහියත් අරන්ම ඒ ආපු කෙනා දිහා හැරිලා බැලුවම නිශ්නර සුහාන්ගේ අතේ තිබ්බ පිහිය දිහා බලලා එහෙමම අත පත ගාලා පිටිපස්සේ තිබ්බ පුටුව ඇදන් ඒකෙන් වාඩි උනා.... සුහාන් ඇස් දෙක රෝල් කරලා ආයෙත් ඉස්සරහට හැරුනා....

දැන් මේ සුහාන් නිශ්නරගේ කුස්සියේ රාත්‍රී කෑම වේල හදනවා... හවස කැද එකත් බීලා තිනූ සුහාන්ට හෙල වෙන්නවත් දෙන්නේ නැතුව හොදට පපුවට ඔලුව ගහන් නිදාගත්තනේ ඉතින් සුහාන්ට යන්න බැරි උනා... ඒ නැතත් සුහාන් හිතන් හිටියේ මේ බේතකටවත් කිරි හොද්දක් හදාගන්න බැරි පවුලට රෑට කන්න පුලුවන් දෙයක් හදලා දීලා යන්න.. තිනූ පවුනේ.. ආයේ කන්නේ බොන්නේ නැතුව ඉදලා ගෑස්ටික් වැඩි කරගත්තොත් එහෙම.. ඒකයි...

අන්තිමට හවස හය විතර වෙනකොට තිනූ නැගිට්ටේ හොද නින්දෙන් ඇග මැලිත් කඩ කඩ... පෙනඩෝල් වලට උන බැහැලා තිබ්බේ... නිශ්නරනම් සුහාන් දැක්කා කන්නාඩි දෙක්කුත් දාගෙන උනු වතුර වීදුරුවක් අරන් කාමරේට යනවා.. දැන් ටික්කට කලින් මැරෙන්න වැටිලා හිටියේ.. මුන් එකෙක්ටවත් උන ගැනිලත් නිදහසේ ඉදලා පුරුද්දක් නෑනේ.... ගහලා කියන්නවෑ ඉතින්...

ඊට පස්සේ උන අඩු උන වෙලේ සුහාන් තිනූව බොහොම අමාරුවෙන් මූන ටිකක් හෝද ගන්න යැව්වා.... නැත්නම් ආයෙත් උන වැඩි වෙන්න ගත්තොත් සීතල හැදෙනවනේ.... කොහොම හරි තිනූ වොශ් කරගන්න කම් හැඩි වෙලා තිබ්බ ඇද රෙදි ටිකත් හදලා පුටුව උඩයි ඇද විට්ටමෙයි අරෙහෙයි මෙහෙයි ගලවලා දාපු ඇදුම් ටිකත් එකතු කරලා බින් එකට දාලා සුහාන් එලියට ආවා.. බලන් ගියාම මූ වලව්වේ ඉන්නකන් විතරයි පොඩ්ඩක් හරි පිලිවලට ඉදලා තියෙන්නේ.. ඒ උනාට ගෙදරින් එලියට බහින්නේ ෆුල් හැන්ඩියා වගේ කාමරේ ඇදුම් වකාරයයි.. ඒ අතින් මහ ඇට්ටරයා පිලිවලයි කාමරේ ටිකක් භූත ගුහාව වගේ කලුවර උනාට පිලිවලයිනේ...

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now