"ආව්... ඉන්නවා පොඩ්ඩක් වතුර එකක් ගන්නකම්...."
සුහාන් නිශ්නරට අත දිගෑරලා එකක් ගැහුවේ නිශ්නර කටත් මොකක්ද කරන් සුහාන්ගේ අතින් ඇද්ද හින්දා... සුහාන් නිශ්නර ගලවලා කරේ දාන් හිටපු කමිසේ අරගත්තා... දැන් ඉතින් සුහාන් ලෑස්ති වෙන්නෙ මේ බබාව නාවන්න.. බබා කියන්න බෑ මැරයෙක් වගේ ඉන්න විදිය සරමත් අකුලන්... උඩට මුකුත් නෑ අර ප්රේමාලිංගන ඔක්කොම ඉවරයි සුහාන්ට තිනූව මතක් උන ගමන් නිශ්නරට බම්බු ගහගන්න කියලා නැගිට්ටා.... ටික්කින් ලිද ගාවට ලාවට එලියක් වැටුනේ පාර දිගට කනු වල ලයිට් දාපු හින්දා ලා එලිය... දැන් සුහාන් නම් කට කට ග ගා වෙව්ල වෙව්ල හිටියේ..මේ සීතල හවස මේ මනුස්සය මේ සීතල වතුරෙන් නාන්නම ඕනයි කියනවනේ....
"ඕක ගලවන්න... ඔහොමද නාන්නේ..."
"අනේ කමක් නෑ මේම හොදයි මට සීතලයි..."
සුහාන් පුහ් ගාලා ගස්සලා කමිසේ අල්ලන් කීවේ නිශ්නර නපුරු විදියට සුහාන් දිහා බලද්දි..
"සීතලයි කියලා ඇදුම් ඇදන් නෑවම ඒක අඩු වෙනවද... කට විතරයි තියෙන්නේ..."
"මොකක්ද කීවේ ඇහුන් නෑ මට..."
නිශ්නර මුමුනනකොට වතුර බාල්දියක් ලිදෙන් අරන් ඒක තව ලොකු පනිට්ටුවක් ඇතුලට දාන ගමන් සුහාන් හයියෙන් ඇහුවා...
"නෑ..නෑ මුකුත් නෑ... කැමති විදියකට නා ගන්න..."
නිශ්නර ඒම කියලා ගලට හේත්තු කරපු ක්ලච්ස් දෙක අරන් නැගිට්ටම සුහාන් බාල්දිය ගැට්ට උඩින් තියලා ඉනට අත් දෙක තියාගත්තා...
"දැන් කීවා නේද ඉන්න කියලා පොඩ්ඩක් අයියේ...මෙතන ලිස්සයි අප්පා..කියන දෙයක් අහන් නෑනේ..."
"මේවා හදලා තියෙන්නේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න , එහෙම ලිස්සන් නෑ... "
නිශ්නර ඒම කියලා ලිද ගාවට ලන් උනාම සුහාන් ඇස් දෙක රෝල් කරා...
"ඕන එකක්..පන්ඩිතකම නම් තියනවා ලෝකේ පෙරලන්න... අන්න අර තිනූත් ඒමයි....."
"මොකක්ද කියන්නෙ ම්ම්.."
සුහාන් ටිකක් නැමිලා නිශ්නරගේ කමිසේ බාල්දියෙන් අතට ගන්නකොට පිටිපස්සෙන් ලන් උන නිශ්නර සුහාන්ගේ බඩ වටේ අත දාගෙන කනට කරලා මිමිනුවේ අතින් තද කරලා....සුහාන් වැටෙන්නත් ගියා තව පොඩ්ඩෙක්..පිටිපස්සෙ ඇගටම හේත්තු වෙලා මේ මනුස්සයා කරන වැඩ..
YOU ARE READING
• විස මාත්රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...