|79|

3.1K 384 668
                                    

"මොකක්..?"

සුහාන් එක පාරටම ඇහුවම ඒකේ ටිකක් සද්දෙ වැඩි උනාද මන්දා... ඒ උනත් සුහාන් සෑහෙන්න පුදුම වෙන එක නවත්තගන්න ට්‍රයි කරන ගමන් හිටියේ...නිශ්නරගේ අම්මා හෙන සතුටුදායක විදියට බලන් හිටියේ...

"ඔව්... තමාරා තමයි... එයා ආවා අපිත් එක්ක කතා කරන්න... අපි අවස්තාවක් දෙන්න ඕන එයාට ආයෙත් එයාලට ලන් වෙන්න ඕන නම්..."

සුහාන් නිකන් මොකක් කියන්නද හිතාගන්න බැරිව වගේ අම්මා දිහා බලන් හිටියේ...

"අහ්.. ඉතින් අයියා මොකද කියන්නේ..?"

"එයාට තාම කීවේ නැහැ... මොනව උනත් අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවෝ නැතුව ඉන්න බෑනේ සුහාන්.. එයාලා ආදරෙයි තමන්ගේ දරුවන්ට..."

"අම්..ඔව්.. ඒක ඇත්ත..."

"ඉතින් මේක කීවට පස්සෙ පොඩ්ඩක් මේක ගැන හිතන්න ලොකූට පැහැදිලි කරන්න ඔයාට පුලුවන් නේද...?"

සුහාන්ට නිකන් ආයෙත් ඔලුව රත් වේගන එනවා වගේ දැනුනා... ආයෙත් ඕක නිශ්නර අහපු ගමන් යකා නටන්න ගන්නවා.. අනික නිශ්නර දැන් තමාරව එයාගේ ජීවිතෙන් අයින් කරන්න හිත හදන් ඉවරයි..අනික සුහාන්.... සුහාන් මුකුත් නොකියා අම්මාගේ මූන දිහා බැලුවා.... ඒක නපුරු පාටකුත් නෙවෙයි එයාලා දගලන්නේ කෝම හරි නිශ්නර තනියම ඉන්න එක්ක වලක්වන්න හදන එක... කලිනුත් කීවනේ නිහාරව ඒ කාලේ ඉදන් දීර්ට ප්‍රපෝස් කරලා තිබ්බෙ කියලා.... ඒත් අනේ මන්දා සුහාන්ට එයා ගැනම අවුල් හැගීමක් ආවේ....

"ම්ම්.. බලමුකෝ...මන් කියන්නම් අයියට..."

සුහාන් ඒම කියල පොඩි පඩිය නැගලා උඩට ආවා... කෑම කාමරේට එනකොට තිනූ එනවා විදගෙන.. සාක්කු දෙකට අත් දෙකත් දාගෙන...

"කොහෙද ගියේ මෙච්චර වෙලා...."

"මන් පොඩ්ඩක් ඔයාගේ ග්‍රෑන්ඩ්මාට උදව් කරන්න ගියා තිනූ..කෝ ඉවරද ඩඩාලගේ කතාව...."

සුහාන් තිනූ ගාවින් නතර වෙලා ඇහුවම තිනූ හොදට සුහාන්ගේ මූන දිහා බැලුවා...

"මොකද ඔයාගේ මූන අප්සෙට් වෙලා.. ග්‍රෑන්ඩ්මා මොනා හරි කීවද... ඒකනේ මන් කැමති නැත්තේ මෙහෙ අයට.. ආච්චම්මා නම් කාගෙවත් හිත රිද්දන් නෑ....

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now