|25|

2.3K 366 221
                                    

සුහාන් හිටියේ වැඩ පිරුනු සති දෙකකට විතර පස්සේ හොදටම හෙම්බත් වෙලා... අවුරුදු උත්සවේ ඒ වැඩ ගොඩාක් ඉවර වෙලා තිබ්බා වගේම ආයෙත් සුහාන්ට ඉස්කෝලෙට යන්නවත් බැරි උනා.. නිවාඩුව ඉවර වෙලා පේරන්ට්ස්මීටින් තියලා ඒ වගේ ඉස්කෝලේ වැඩ ගානට සෙට්ල් වෙනකන් ආයෙත් අර කෑම්ප් පටන් ගත්තේ නෑ...

තිනූගේ ෆ්‍රස්ට් ටර්ම් ටෙස්ට් එකේ මාක්ස් දීලා තිබ්බා, තිනූ සුහාන්ට රිපෝට් එකේ පොටෝ එකක් ගහලා එව්වේ සුහාන්ට පුදුමත් හිතෙනකොට... කොල්ලට මැත්ස් සයන්ස් වලට ලකුනු තිබ්බා කොහොමත් , සින්හල වලටත් පනස් පහක් අරන් තිබ්බේ බොහොම අමාරුවෙන්.. ඒ තරම් තිනූගේ සිංහල හැකියාව ගැන් සුහාන් දන්නවනේ.. තිනූට සිංහල හෝඩිය පාඩම් කරවන්නම සුහාන්ට හෙන ගේමක් දෙන්න උනානේ, ඒකේ අකුරු තිනූ ප්‍රනවුන්ස් කරන්නේ හරි අමුතුවට, ඉතින් පනස් ගානක් ගත්තු එකත් ලොකු දෙයක්... සුහාන්ට අවුරුද්ද අන්තිම වෙනකොට ඉතුරු ටික හෙමින් හැදුවෑකිනේ....

අවුරුදු උත්සවේ තිබ්බ සතියෙත් සුහාන්ට තිනූට ක්ලාස් කරන්න යන්න බැරි උනා.. අලුතින් කැම්පස් එකේ වැඩ කීපයක් පටන් ගත්තු හින්දා වගේම ඔය එක එක වැඩ ගොඩාක් හින්දා සුහාන් බිසී උනා ගොඩාක්.. තිනූ නම් සෙනසුරාදා දවස ඉවර වෙනකන්ම සුහාන්ගෙ පෝන් එකට තිබ්බ ඇන්ග්‍රි ඉමොජි ඔක්කොම එව්වා... අන්තිමට වමනේ යන ඉමොජියකුත් එවලා රවලා නිදි කියලත් ඉමොජියක් එවලා තිබ්බා...

සුහාන්ට ඉතින් දවස පුරා හිනා, තිනූ මහ පන්ඩිතයා වගේ කරන වැඩ ඔක්කොම සුහාන්ට හුරතලේටනේ පේන්නේ... සුහාන් එක දවසක් උදේ ගුඩ් මෝනින් එහෙම කිව්වේ නැත්නම් ආයේ දවස් ගානකට කිසිම කතාවක් නෑ ඒ තරම් පොඩි ඇට්ටරයට තද වෙනවා.. ඉතින් සුහානුත් දැන් පුරුද්දක් විදියට උදේට තිනූට ගුඩ් මෝනිම් කියනවා, රිප්ලයි එන වෙලාව පහු උනොත් කෝල් එක්කුත් දීලා බලනවා.. ඒ වෙලාවට සුහාන්ට මහ ඇට්ටරයගේ කන කඩාගෙන යන සද්දෙත් ඇහෙනවා සමහර වෙලාවට, මොක්ද තිනූ පෝන් එක අන්න්ස්වර් කරලා දඩි බිඩි ගාලා දුව දුව ලෑස්ති වෙනවා සුහාන්ට ඇහෙනවානේ....

"ලියාන් හරි අප්... "

"ලියාන් මන් තමුන්ගේ මැශින් එක විසි කරලා දාන්වා රෑ වෙනකන් ගේම් ගහනවා....!"

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now