"නැගිටින්න..."
"තිනූ නැගිටින්න...!!"
"නැගිටින් නැද්ද දැන්..!!"
සුහාන් ජනේල් පියන් දෙකත් දෙපැත්තට ඇරලා ඉනට අත් දෙක තියන් කොට්ට ඔක්කොම වට කරන් කොට්ට උඩින් අත පය දාන් සැපේ නිදියන් ඉන්න පොඩි ඇට්ටරයා දිහා බැලුවා.. ජනේලේ ඇරිය ගමන් හොද සීතල හුලගක් එක්ක ලා අව් රැල්ල කාමරේ ඇතුලට වැටිලා ඇදේ වටෙන් පහලට වැටිලා තිබ්බ ලේස් වියන් ටික හෙලවිලා ගියා... දැන් මේ වලව්වේ සුහාන්ගේ කාමරේ කියලා එකක් නෑ.. ඒක පොඩි ඇට්ටරයගේ..සුහාන් මේ ඉන්නේ සොල්දරේ තියන එයාගේ කාමරේ ඒ උනාට ඒකේ නිදන් ඉන්නේ නම් තිනූ... දැන් සුහාන් පහල ඉන්න මහ ඇට්ටරයගේ කාමරේ ජන්ලේ ඇරලා එයාටත් නැගිටින්න කියලා උඩට ආවේ තිනූගේ තේ එකත් අරන් ඒවත් නෑ නිදි කිසි ගානක් නෑ..
උඩට කමිසෙකුත් නෑ තැන් තැන් වල රතු පැල්ලම් දෙක තුනකුත් තිබ්බා මදුරුවෝ කාලා... ඒ කියලා තිනූට ඇදුම් අන්දන්වට වඩා හොදයි ඒ ඇදුමත් එයා ඇදගෙන නටනවා... සුහාන් තිනූගේ කෝප්පේ මේසේ උඩින් තියලා පීරිසියෙන් වහලා බාත් රූම් එකට තුවායත් කරේ දාන් ගියා..ගිහින් හොදට ෆ්‍රෙශ් වෙලා දුඹුරු පාර ශෝටක් විතරක් ඇදන් ටවල් එකත් කරේ දාන් ඇවිත් වතුරට තෙමෙනවට කොන්ඩේ උඩට කරලා බැදපු කොන්ඩේ ආයෙත් ලෙහලා දාල කලු පාට පොඩි බෑන්ඩ් එක අතට දාගත්තා...
දාගෙන ටී ශර්ට් එකක් ඇදන් තිනූ ඊයේ රෑ ඔහේ ගලවලා දාලා තිබ්බ ටී ශර්ට් එක බින් එක ඇතුලට දාලා බිම වැටිලා තිබ්බ චාජරේ මේසේ උඩින් තියලා ඇදෙන් පහලට එල්ලි එල්ලි තිබ්බ තිනූගේ වයර් කෑලි ටික බෙඩ් ඩ්‍රෝවර් එක උඩින් තියලා ඇද ගාව වැටිච්ච කොට්ට දෙක ආයෙත් ඇදට දාලා සුහාන් ලාච්චුව ඇරලා පොඩි ටියුබ් එකකුත් අරන් ඇදෙන් කකුලක් නවලා වාඩි උනා...
වාඩි වෙලා අර ටියුබ් එකෙන් චුට්ටක් ඇගිල්ලට අරන් තිනූගේ බඩෙයි පපුවෙයි අතේ ඒම රතු වෙලා තිබ්බ මදුරුවෝ කාපු පැල්ලම් වල හෙමින් ගානකොට තිනූ චුට්ට චුට්ට ඇහැරුලා... ඇහැරිලා ඇස් කඩන් යන එලියට ඇස් දෙකත් චූටි කරන් ඇගිලිතුඩු වලින් ඇස් දෙක පොඩි කරන් ඉදලා ඇස් දෙක ඇරලා එයා ලගින්ම වාඩි වෙලා ඇගේ මොනා හරි ගාන සුහාන් දිහා බැලුවා.. බලලා සුහාන්ගේ අත අල්ලගත්තා...
YOU ARE READING
• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්‍රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...