සුහාන් වාහනේ ආයෙත් අරන් ඇවිත් නැවැත්තුවේ හොස්පිටල් එක ඉස්සරහා... ඊට ටික වෙලාවකට පස්සේ කේශව් ඇවිත් පැසෙන්ජර් සීට් එකට නැග්ගා...
"කෝ ගිහින් දැම්මද අර පොඩි එකාව.. "
"ඔව්..ඔව්..."
"අනේ උබත් දාගන්න මගුල්.. කවුද ඌ... කතා කරපු විදිය.. මගේ එකෙක් උනා නම් ගලවනවා දත් ඇන්ද ආයේ කතා නොකරන්න..."
සුහාන් ඒකට හිනා වෙන ගමන් වාහනේ ඩ්රයිව් කරන් ගියා... කේශව්ගේ හැටි ඔහොම තමයි.. කාටද අදාල නෑ බයින්න ඕන් නම් බයිනවා..
ටික්කින් රෙස්ටොරන්ට් එක්කින් වාහනේ නවත්තපු දෙන්නම ඇතුලට ඇවිත් ටේබල් එක්කින් ඉදගත්තේ කේශව් මෙනූ එක අතට ගන්නකොට... ග්ලාස් වෝල් එකෙන් පේන පාරේ යන වාහන දිහා බලන් සුහාන් නම් වැඩිය මුකුත් නොකියා හිටියා... සුහාන් පෝන් එක අතට අරන් බැලුවේ නිහාරා මැසේජ් එකක් දාලද කියලා.. අඩුම නිහාරා මැසේජ් එක සීන් කරලවත් නෑ... දැන් දෙකත් පහු වෙනකොටවත් නිහාරා නැගිටලා නැද්ද....
"මචං සුහාන්.."
"සුහාන්...
"අහ්..ඕ කියපන්..."
"මට කියපන් ඔක්කොටම කලින් උබ හොද සිහියෙන්ද ඉන්නේ..."
"උබ මන් ගැන දන්නවා..."
"හරි ඔය ඔක්කොම පැත්තටකට කරපන්..මොකක්ද නිහාරා ගැන කේස් එක.. මොකක්ද ඊයේ උනේ...."
කේශ්ව් අහනකොට සුහාන් හොද හුස්මක් පාතට දැම්මා...
"මන්දා බන්.. නිහාරා දැන් වෙනස්...
"කිව්වා..කිව්වා.. හරකට ඕකි හරියන් නෑ කියලා... ඒකි ආවේ උබේ ලස්සනට දැන්වත් තේරෙන් නැද්ද කියපන්කෝ...."
"කේශව් හරියට කතා කරපන් නිහාරාට...."
"අඤේ මේන් වැන්දා උබේ ප්රියම්බිකාවට මන් මොනවා හරි කිව්වම තමයි උබට රිදෙන්නේ... ඒකි උබට කරන ඒවා හොදයි.. උබ දන්නවද නිහාරා ඊයේ රෑ මොකද කරේ කියලා..."
සුහාන් සද්ද නැතුවේ හිටියේ කේශව් කියන්නෙ ඇත්ත හින්දා.. මොනවා උනත් මේක පටන් ගන්නකොටමයි කේශව් කිව්වේ ඕක සෙට් වෙන් නෑ කියලා.. ඒ උනාට සුහාන් තමයි ඒකි එහෙම නෑ බන් කියලා නිහාරට කැමති උනේ.... ඒ උනාට කේශව් අන්තිමට කිව්ව එකටනම් සුහාන් ඇහි බැමක් ඉස්සුවා...
YOU ARE READING
• විස මාත්රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...