|12|

2.8K 368 113
                                    

"ආආහ්...."

සුහාන් කෙදිරි ගාගෙන තව ටිකක් ලොකු පොරෝනේ ඇතුලට ගුලි උනා... මහ පුදුම සීතලක් තිබ්බේ.. තාම පාන්දර වෙන්න ඇති, තව එලියේ කූඩාරමක් අස්සේ, ඒ උනාට ඒක වෙනමම් හැගීමක්.. මොකද ඒක හරි අමුතු හැගීමක් ගෙනල්ල දුන්නේ.. හරියට අර පුන්චි කාලේ කොට්ට වලින් වට කරන් හදාගන්න ගේ අස්සට වෙලා ඉන්නවා වගේ හැගීමක්.. කූඩාරම සේෆ් ඇතුලට එච්චරම සීතලා ආවේ නැතත් සීතලයි.. තාමත් කලුවරයි... සුහාන් එහෙට මෙහෙට අතගාලා පෝන් එක හොයන් වෙලාව බැලුවා..

තාම පාන්දර හතරයි, සීතල නිසයි අවේලාවේ ඇහැරුනේ.. කලින් දවසේ නිදියනකොටත් දොලහා පහු වෙලානේ... සුහාන් යන්තම් ශිපර් එක ඇරලා බිම දන් ගහන්ම එලියට ඇස් දෙක දාලා බැලුවා.. එලියේ ඇදලා තිබ්බ බල්බ් වැල් ටික නම් තාම එහෙමම පත්තු උනා.. ඒ හින්දා මහ කලුවරක් පෙනුන් නෑ තාම ලොකුවට ගහපු ගිනි මැලෙත් යන්තම් පත්තු වෙවී තියනවා.. ඒක ගින්න පැතිරෙන් නැති විදියට වට කරලා හදලා තිබ්බ හින්දා අවුලක් නෑ.. ඒ උනාට සුහාන්ගේ ඇස් වලට අහු උනේ එතනම ඉස්සරහින් පුටුවක ඉදන් ඉන්න කාගෙ හරි චායාවක්..

සුහාන් පට පට ගාල රෙද්ද ඇතුලෙන් අත් දෙක අරන් හොදට ඇස් දෙක පිහදාලා ආයෙත් ඇරියා... පැහැදිලි නෑ.. කවුද අඩේ මහ පාන්දර ඇහැරන් ඉන්න මනුස්සයා.. මේ වෙලාවේ නම් හැමෝම නිදි ඇති වැඩ කරන අය ඇරෙන්න..

මොකද එතන එයාලා රෙන්ට් එකට අරන් තිබ්බ හවුස් වල වැඩ කරන්න කීප දෙන්ක් හිටියා, එයාලා කොහොමත් උදේම නැගිටලා වැඩ කරනවා, මොකද මෙයාලා උදේම යන හින්දා හැමෝටම කෑම ලෑස්ති කරන්න ඕනනේ... සුහාන් ලොකු ඈනුමකුත් ඇරලා කූඩාරම ඇතුලෙම තිබ්බ බූල් බූල් ජර්සිය අරන් කන් දෙකත් වැහෙන්න දාන් කූඩාරමෙන් එලියට ඇවිත් කූඩාරම වහලා දැම්මා...

කොහොමත් මූන එලියට දාපු වෙලාවේ සීතල හුලන් ඇවිත් වැදිලා සුහාන්ගේ නින්ද යන්න ගියා...

යෝ..යෝ.. මේ ඉන්නේ මහ ඇට්ටරයනේ... සුහාන් නිශ්නරව පිටිපස්සටම අදුරගත්තා.. දැන් නම් අර ටී ශර්ට් එක වෙනුවට ජර්සියක් ඇදන් හිටියේ... ගිනි මැලේ තාමත් යාන්තමට පත්තු වෙනකොට නිශ්නර එතනම පුටුව උඩින් ඉදගෙන ඒක දිහා බලන් කල්පනාවක...

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now