|69|

3.1K 378 843
                                    

"බාප්පේඒඒඒ.....!!"

"මොකද ලියාන් කෑ ගහන්නේ...!"

සුහාන් උඩ ගිහින් ඇහැරුනේ මහ හයියෙන් දෙන්නෙක් කන ගාව ඉදන් ලතෝනි දෙන හින්දා.. සුහාන්ට හරි නිදිමතයි.. මහන්සි හින්දා.. ඒ උනාට සුහාන් චුට්ට චුට්ට ඇහැරි ඇහැරි සනීපෙට නිදාගත්තා.... ඊටත් ටික්කට පස්සේ ආයෙත් මහ හයියෙන් කෑ ගහනකොට සුහාන් උඩ ගිහින්ම ඇහැරුනා...

"ආආආඅ..!"

"කෑ නොගහා කරන දෙයක් කරනවා ලියාන්.."

"අනේ ඔයා කෑ නොගහා ඉන්න ඩඩා.. බාප්පා මොකටද මට අන්ඩර්වෙයා පැකට් එකක් දීලා තියෙන්නේ... මන් ආයේ කතා කරන් නෑ එයත් එක්ක... මගේ කාමරෙත් දුන්නා... ඉන්නකෝ.."

සුහාන් ඇස් දෙක තද කරලා ඇස් දෙක අරින්න හැදුවා.. සුහාන්ට නිකන් ඔලුව කරකෙනවා වගේ... එලි වෙච්ච වෙලේ ඉදන් සුහාන් ඇහෙනවා අරෙහෙට ඇවිදිනවා, මෙහෙට ඇවිදිනව ඇදේ පැත්තක් පාත් වෙනවා ආයේ ඇගට උඩින් පයිනවා, කවර අදිනවා කඩදාසි ඉරෙනවා... බල්ලෝ කෑ ගහනවා..කුරුල්ලොත් කෑ ගහනවා හැත්ත... සුහාන් අත් උස්සලා ඇස් දෙක පිහන් උඩ අතට හැරුනා... ඒ උනාක් "චැක්.." ගාන් මොකෙක් හරි කෑ ගහන්වා හැරුනම සුහාන් බෙල්ල උස්සලා බඩ උඩ බැලුවා...

ආ මේ ඉන්නේ පොඩි බලු ගෙම්බා... තිනූට තර්ජනේ කරලා රෑ ඌව කූඩුවෙන් තිබ්බට වැඩක් වෙලා නෑ උදේම පොඩි ඇට්ටරයා ඌව ඇදට අරන්...

මේ නිශ්නරගේ කාමරේ ඔක්කොමලා ඉන්නේ... ඊයේ යීශාරව සේදිරිස් සීයත් එක්ක රෑ වෙන හින්දා කෑම අරන් යැව්වට පස්සේ සුහානුයි තිනූයි වොශ් දාගෙන ආවේ කාලා කාලා අමාරු හින්ද.... මොකද ආච්චම්මයි මල්ලිකා නැන්දයි තිනූගේ උපදිනේට මගුල් ගේකට වගේ උයලා තිබ්බ හින්දා තිනූට හැම වර්ගෙකින්ම කන්න උනා.. පොරත් වැඩේ අතෑරියේ නෑ කජු නම් කජු , මස් නම් මස් මාලු නම් මාලු ඕන එකක්... තිනූ කෑම මේසේ කොනකට වෙලා අපූරුවට කකුල් දෙකත් උඩට අරන් කන්න ගත්තම අම්මා අඩු පාඩු බල බල තව තව බෙද බෙද තමයි කෑවේ... දීර් තමයි අනිත් එක....

දීර්ව සමාන්‍යෙයෙන් දැක්කම නිශ්නර වගේම බය හිතෙන පෙනුමකින් හිටියට නිශ්නරට වඩා වෙනස්.. නිශ්නරගේ වැඩි කතාවක් නැති උනාට දීර් නම් පාරේ ඉන්න බල්ලෙක් එක්ක හරි කතා කරන ටයිප් එකේ මනුස්සයෙක්... දීර්ගේ ඇසුයි ෆේස් කට් එකයි එක්ක නිශ්නරවයි දීර්‍ර්වයි එකට තිබ්බොත් දෙන්න සහෝදරයෝ කියල අදුරන්න පුලුවන්.. නිශ්නරට වඩා ටිකක් කෙට්ටු උනාට පොරත් හයේ හතරේ ඩයල් එකක්....

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now