"තිනූ පරක්කුයි... මන් දැන් යනවා මේක හරියන් නෑ..."
සුහාන් අතට ගත්තු තේ කෝප්පෙත් මේසෙන් තියලා නැගිට්ටම නිශ්නර සුහාන්ගේ අතින් අල්ලගත්තා...
"පොඩ්ඩක් ඉන්න දැන් පහ හමාරයි වෙලාව එයි දැන්..."
නිශ්නර සන්සුන් විදියට කීවම සුහාන් නම් ටිකක් කලබල වෙලා හිටියේ...
"පහ හමාරයි කියන්නේ කලුවර වැටෙනවා තමයි... මෙහෙට කලින් කලුවට වෙනවා.. අනික කැලේට ඊට කලින් කලුවර වැටෙනවා..ඔයා දන්නවද කියන්නකෝ..."
"ශ්..සුහාන් කලබල වෙන්න එපා.. ලියාන් එයි ඉක්මනට.."
ඒම කීවට නිශ්නරගෙ මූනත් කලබ්ල වෙලා තිබ්බා.. ඒ උනාට නිශ්නර නැගිටලා යන්න බෑනේ...
"කලබල වෙන්න එපා... කොහොමද ඔයා එහෙම කියන්නේ..ඔයා හිතන්නෙ මන් කට කහනවට තිනූට ඕවගේ යන්න එපා කීවා කියලද අයියේ... අර කාලයක් රස්සාව විදියටම මදු ගහපු මනුස්සය කකුලක් සම්පූර්නෙන්ම විනාස කරගත්තා... එතකොට මේ ලමයි දන්නේ මොනවද... අනික ඕවගේ ඉන්න මිනිස්සු හවස් වෙනකොට බීලා ඉන්නේ.. ශිට් ඔයාට කීවට වැඩක් නෑ... මන් යනවා පාරට.."
සුහාන් කාමරෙන් එලියට එනකොට වීල් චෙයා එකේ හිටිය නිශ්නරත් තනියම වීල් චෙයා එක තල්ලු කරන් සුහාන් පස්සෙන් ආවත් සුහාන් දඩි බිඩි ගාල හැරිලා ඇවිත් නිශ්නරත් තල්ලු කරන් ඉස්සරහට ආවා...
"සුදු මහත්තයා..සුදු පුතා අදනම් පරක්කුයි...මන් දැන් සේදිරිස්ටත් කියන්න කතා කරේ.... "
"කලබල වෙන්න එපා මැනිකේ... සුදු පුතා එයි...ඔයා හුරතල් කෙරුවට දැන් කොල්ලා ඉලන්දාරියා..තනියම දෙයක් කරගන්න පුලුවන් වයසක්නේ ඔය......"
"ඒක තමයි මාත් සුහාන්ට කී...........
"අනේ නිකන් ඉන්න අයියේ..කොච්චර ලොකු උනත් කරදරයක් වෙනකොට ඒකට ලොකුද පොඩිද අදාල නෑ.. ඉන්නකෝ මන් යන්න... "
නිශ්නර අප්පච්චිගේ වචන වලට උල්පන්දන් දෙනකොට සුහාන් නිශ්නරටත් කෑ ගහලා අඩියට දෙකට පඩිපෙල බැහැලා මිදුල දිගේ පාරෙන් පහලට බහිනකොට අම්මත් ඔසරි පොට අල්ලන් සුහාන් පස්සෙන්ම පාර ගාවට ඇවිත් මිදුලෙන් ඉදන් බලන් හිටියේ අදුර වැටෙනකොටම වලව්වට ඇදුනු තනකොල පාර දිගේ පහලට බහින සුහාන් දිහා...
YOU ARE READING
• විස මාත්රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...