"මන් කීවේ..මන් කීවේ.... ඒකනේ සීයාප්පච්චි.. මේක ඒම මේ ඕනම එකක් නෙවෙයිනේ නේද.."
සුහාන් ඇස් දෙක රෝල් කරලා භාගෙට නිවිච්ච තේ එකෙන් උගුරක් බීවම තිනූ සුහාන්ට දිව දික් කරේ සුහාන්ට තිනූට තේ එකෙන් ඇදලා අරින්න හිතිලා තියෙද්දියි...
"ඒ උනාට එහෙම පුලුවන්ද... අප්පච්චි ඔහොම කියලා බෑ... ඕලෙවල් කියන්නේ....
"අනේ සුදු මහත්තයා කෑ නොගහා ඔය තේ එක බොන්ඩ... තමුන් ඒ නවයක් ගත්තා කියලා මේ හැම එකාම එහෙම වෙන්න ඕන නෑ... ඒ නවය ගත්තේ නැති උනුත් ලෝකේ මහ දුරකට ගිහින් තියනවා..."
"මටත් තියෙන්නේ A හතයි....!"
ඔය කීවේ අනිත් එක්කෙනා... සුහාන් ඇස් දෙක පුලුවන් තරම් හීනි කරලා පිටිපස්ස හැරිලා නිශ්නරට රැව්වා නිශ්නර ශේප් එකේ අහක බලාගත්තා... අප්පත් එකයි පුතත් එකයි..කොහොමද ඉතින් මුන් දෙන්නට අධ්‍යාපනයක තියන වටිනාකම ගැන පහදලා දෙන්නේ... ඒ අස්සේ අපූරු සීයාප්පච්චි කෙනෙකුත් හොයන් එයත් තකට තක කතා කියනකොට තිනූ පිම්බිලා උඩ ගිහින් පා වෙවී හිටියේ.... අම්ම ආවනම් අහගන්න තිබ්බ අප්පච්චිටත්.. සුහාන් ඔක්කොටම ගස්සලා කෝප්පෙත් අරන් ඇතුලට ගිය පාර ලේස් දොර රෙද්ද පුශ්.. ගාලා උඩ විසික් උනාම අප්ප්ච්චියි , තිනූයී නිශ්නරයි පුටු වල ඉදන්ම එබිලා ඇතුල බැලුවා...
සුහාන් ඇතුලේ දොරෙනුත් මැද මිදුල පැත්තට පස්සත් කරකව කරකව ගස්සන් ගියාම කට්ටියම ආයේ පුටු වලින් හේත්තු උනා...
"අපේ සුදු මහත්තයට කේන්ති ගියාම එයාගේ අම්මට එහා... ඔයාලට කියන්න ඒ දවස් වල මම අහසේ යන උකුස්සෙක් අල්ලලා දෙන්ඩ බෑ කීවා කියලා මෙන්න මෙතන බිම ඉදන් පට...........
"අප්පච්චීඊ....!!"
ඇතුලෙන් මිනි කිංකිනි නාදයක් ඇහුනම අප්පච්චි ඒ කතාව නවත්තලා හාන්සි පුටුවට හේත්තු උනා.. නැත්නම් ටිකකින් මැනිකේ ඉස්සරහට එන්න ඉඩ තියන හින්ද...
"අනේ සීයාප්පච්චි කියන්නකෝ..මොකද උනේ ඊට පස්සේ...."
"ඒක සුදු පුතා ගිහින් සර්ගෙන්ම අහගන්න.... දැන් හවසට මල් කඩනවයි කීවා නේද ගිහින් කඩන්න තව අදුර වැටෙන්න කලින්.. ඔය මල් ගස් අස්සේ බලාගෙන කකුල තියන්නේ..කුනකට්ටෝ ඇති..."
YOU ARE READING
• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්‍රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්‍රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්‍රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...