|34|

2.1K 363 156
                                    

-"හෙලෝ අම්මා..."

-"ඔව්..මන් මේ ලෑස්ති වෙන ගමන්..."

-"මොකක්... අනේ මේ පිස්සු කියවන්න එපා... මට පුලුවන්ද එයාව බලාගන්න..."

-"අනේ ඇත්තමයි ලොකු අප්පච්චිලට ඔයාලට මොලයක් නැද්ද..කෝ අප්පච්චි...."

-"අප්පච්චිට කියන්න මන් කතා කරා කියලා... මොන විකාරයක්ද අම්මා මේ කියන්නේ... කොයි වෙලේද මන් සුදු නන්ගිව බදින්නම් කිව්වේ... එදත් පැහැදිලිවම අප්පච්චි කිව්වා කැමති නැති කසාදයක් වෙන්නේ නෑ කියලා... ආයෙත් මොකක්ද එක පාරටම..."

සුහාන් ෆයිල් ටිකයි ලැප් එකයි ඔක්කොම අරන් කිචන් එකේ පොඩි ටේබල් එක උඩින් තියලා වතුර එක බීගන බීගන ගියා..

-"අනේ.. අම්මා.. අම්මා දන්නවද මෙහෙ උන දේවල්... මට මගේ වැඩවත් කරගන්න වෙලාවක් නැතුව තව එයාවත් බලාගන්න පුලුවන්ද... අනික එහෙම ලොකු උවමනාවක් තියන්වානම් මෙහෙන් හොද තැනක් හොයලා දෙන්න කියන්න, තනියම පිරිමියෙක් ඉන්න ගෙයක් අස්සට එහෙම එවන්න බය නැද්ද... පුදුම තියරි ඔයාලගෙත් තියෙන්නේ.. මේ අම්මා මන් දැන් යන්න හදන්නේ මට අද ගොඩාක් වැඩ තියන්වා ඒ හින්දා මන් තියනවා, අප්පච්චිට කියන්න ආවම මට කතා කරන්නයි කියලා..."

සුහාන් පෝන් එක කට් කරලා සාක්කුවට දාගෙන ගෙදරින් එලියට බැස්සා... අලුත් වාහනේ අලුත් වාහනයක්මත් නෙවෙයි අනික හදාගන්නකන් සුහාන් වාහනයක් මාරු කරගත්තා දැන් අරක හදලා ඉවර උනාම විකුනලා අලුත් එක්කට යන්න ඕන... සුහාන් පිටිපස්ස ඇරලා සාමාන්‍යෙන් දාන බඩු ටික ඇතුලට දාලා එලිඅයට ආවා...

සුහාන්ගේ ඔලුව කර වෙලා වගේ.. අම්මා කලිනුත් කතා කරාට ඒක ගැන වැඩිය හිතුවේ නෑ.. දැන් කියනවා සුදු නන්ගි කෝස් එකක් කරන්න එනවා එයාව තියාගන්නලු... සුහාන්ට ඇත්තටම හිතාගන්න බෑ මහ වලව්කම ඉහට අරන් ඉන්න මේ අය මෙහෙම දේවල් හිතන්වා කිව්වාමත්...

අනික එදා අප්පච්චි අච්චර අකමැති වෙලා තියෙද්දිත්... දන්නවා සුහාන් මෙහෙම ඈත හිටියොත් මේ කපේට ඔය මගුල කරන්න වෙන් නෑ කියලා... දැන් හදන්නේ දෙන්නව එක තැනකට කොටු කරලා දෙන්නා අතරේ සම්බන්ධයක් ඇති කරවන්න...

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now