|61|

2.4K 381 800
                                    

"කෝ ඔක්කොම ලෑස්තිනේ... ආයේ ගිහින් අරක නෑ මේක නෑ කියන්න ලෑස්ති වෙන්නෙපා හරි..."

සුහාන් ඉනට අතත් තියන් කීවේ එක අතකින් ගෙම්බා කොට්ටෙත් උස්සන් අනිත් අතින් ලොකු බැක් පැක් එකකුත් අරන් ආපු තිනූ දිහා බලන්...

"ඉන්න ඉන්න තව තියනවා... මගේ රූම් එක ලොක් කරන්නත් ඕන බාප්පා ගියොත් එහෙම..."

සුහාන් කියලා වැඩක් නෑ කියන්න වගේ තිනූගේ බෑග් එක අරන් අයිනෙන් තියලා තව මැද ඉඩ හදාගත්තා...

"ඇයි ඕක අස්සේ රත්තරන් හන්ගලාද තියෙන්නේ.. බාප්පානේ ඉන්නේ බාප්ප පොඩ්ඩක් ගියාම මොකද වෙන්නේ..."

"එහෙම බෑ..."

තිනූ සුහාන්ටත් රවලා ඉස්සරහා පැසෙන්ජර් ශීට් එකේ දොර ඇරලා එතෙන්ට රවුම් කොට්ටේ දැම්මා...

"ඕක මොකටද තිනූ... වැඩක් නෑනේ..."

"මට නිදියන්න ඒක ඕන..."

සුහාන් අනේ හා කියලා ඇතුලට ඇවිදන් ගිහින් නිශ්නරගේ කාමරේට ගියා..නිශ්නර වීල් චෙයා එකේ ඉදගෙන මේසෙ උඩ තිබ්බ මොනවා හරි ඩොකියුමන්ට් වගයක් බල බල මොනා හරි ලිය ලිය හිටියේ... සුනිල් එතන මිනි සෝෆා එක උඩ බෑග් එකක් වහනවා.. සුහාන් ගිහින් බෑග් එක අල්ලලා වහන්න උදව් කරාම සුනිල් ඒක වහලා බිමින් තියන් ඇදගෙන එලියට ගියාම සුහාන් ගිහින් නිස්නරගේ පුටුවේ ඉදගෙන ලිය ලිය ඉන්න එකට එබුනා... ගෝල්ඩ් ප්‍රේම් එක ගිය කන්නාඩි දෙකට නිශ්නරගේ පෙනුම තව ටිකක් වැඩි වෙලා පෙනුනා... සුහාන් නිශ්නර කියව කියව අත්සන් කරන ඩොකියුමන්ට් වලට බාදාවක් වෙන්නෙ නැතුව..නිශ්නරගේ ඇදේ තිබ්බ කොට්ට වල උර ගලවලා කොට්ට ටික ලොකු කබඩ් එකේ හතරවෙනි දොර ඇරලා දැම්මා.. දාලා අර රෙදි ටික එකතු කරලා ලොකු බින් එකට දාලා නිශ්නරගේ සපත්තු තියන පොඩි කබඩ් එක ඇරලා කකුලට පහසු සුදු පාට සෙරෙප්පු දෙකක් හොයලා තව ඒ වගේ විසාල සෙරෙප්පු දෙකක් ඒකෙම පැත්තක තිබ්බ බොක්ස් එක්කට දාගත්තා.. දාලා එක අතකින් අරන් නිශ්නර ගාවට ගිහින් බිමට එක දනහිසක් තියලා වීල් චෙයා එකේ අර පොඩි කෑලි දෙක තිබ්බ කකුල් දෙකට පරිස්සමට දානකොට නිශ්නර ඔලුව බිමට හරවලා අත දික් කරලා සුහාන්ගේ කොන්ඩේ ඇවිස්සුවාම සුහාන් ඇස් දෙකත් වපර කරලා නිශ්නරට උඩ බලලා රවලා කොන්ඩේ ආයේ හදාගත්තා. අද ජෙල් ගාලා නෑ සුහාන්ගේ කඩා හැලෙන කොන්ඩේ ඇහේ ඉදන් වැටෙනවා..

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now