|21|

2.8K 379 420
                                    

හැරිලා එන සුහාන් දිහා නිශ්නර උඩ ඉදන් පහලටම බැලුවා... ඒ වෙලාවේ ගස් අස්සෙන් ආපු හුලගට සුහාන්ගේ කලු පාට සරම ඇගටම ඇලිලා පිටිපස්සට ගියා... සුහාන්ට නෙවෙයි ගානක් තිබ්බේ සුහාන් නිශ්නර ගාවට ගිහින් නිශ්නරගේ මූනට ලන් උනා, සුට්ටක් ඇගිලි වලිනුත් ඉස්සිලා ඇයි නිශ්නර එච්චර උස කියලත් සුහාන්ට එවෙලේ හිතුනා...

"කොහොමද එන්න පාර හොයාගත්තේ.... "

සුහාන් නිශ්නරට ලන් වෙලා හිටපු විදියට නිශ්නරට පෙනුනේ සුහාන්ගේ ඇස් බෝල දෙක එකට ලන් වෙලා වගේ...

"එහාට වෙන්න..."

සුහාන්ව එච්චර ගනන් ගන් නැතුව නිශ්නර එහෙම කියලා දබර ඇගිල්ලෙන් සුහාන්ගේ නලලට ඇනලා එහාට කරේ සුහාන් නලලත් අල්ලන් අර ඉස්සුනු ඇගිලි තුඩු වලින්ම පිටිපස්සට යනකොට..

"හහ්.. මේක මගේ ගෙදර..."

නිශ්නර කොහොමද එහෙම සුහාන්ව ගනන් ගන් නැතුව ඉන්නේ.. සුහාන්ට මතකයි නිශ්නරගේ ගෙදරට ගියාම නිශ්නරගේ ලොකු කම.. සුහාන් ටක් ගාල කමිසෙත් හදන් අත් දෙක පිටිපස්සට බැදන් මගේ ගෙදර කිව්වම නිශ්නර සුහාන් දිහාට දැම්මේ ඉතින් මට මොකද වගේ බැල්මක්...

"දන්නවා, ඒක හින්දානේ ආවේ...ලියාන් මේකත් ගන්න..."

නිශ්නර තව බෑග් එකක් තිනූගේ අතින් තිබ්බම තිනූ ඇස් දෙක පුන්චි කරලා ඩඩා දිහා බලලා රැව්වා... රවලා සුහාන්ගේ අතිනුත් බෑග් දෙකක් තිබ්බා...

සුහාන් ඒකත් අරන් ගස්සන් වලව්ව පැත්තට ආවේ අප්පච්චියි අම්මයි පඩිපෙලත් බැහැලා බලන් ඉන්නකොට...

"සුදු මහත්තයා කවුද ඒ ලමයා..."

"මහ ඇට්ටර..... ඔහ්, තිනූගේ ඩෑඩ් ඒ ඉන්නේ..."

වේගෙන් පිබගෙන ගිහින් පඩිපෙල නගින්න හදපු සුහාන්ව අමාරුවෙන් අල්ලන් අම්මා අහනකොට තිබ්බ කේන්තියට කියවෙන්න ගිය එක මාරුවෙන් නවත්තගත්තේ අම්මගේ ඇස් දෙක ලොකු වෙනවා දැකලා...

"ඉති, දැන් ඒ ලමයව පිලිගන්නේ ඔහොමද.. මක්කද මේ හරකා වගේ කුලප්පු වෙලා දුවන්නේ..."

අප්පච්චි ඉදලා ඉදලා අහන මගුල්නේ... සුහාන් අර මල්ලත් එල්ලන් ආයෙත් හැරුනා... අප්පච්චි කොහොමද එයාගේ එකම ලමයට හරකා කියන්නේ... තිනූ කටෙනුත් මොකක්ද මන්ද පොඩි බෑග් එකක් අරන් ඇවිදන් ආවේ, නිශ්නර වාහනේ ලොක් කරනකොට...

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now