|58|

2.4K 382 1K
                                    

"අයියටත් කොහොමත් බැරි එකේ දීර්ට පුලුවන්නේ දැන් වැඩ ටික බලන්න..."

"මොකක්...?!"

සුහාන් ඇහුන් නෑ වගේ ශටර් එකෙන් එලිය බලන් එයාගේ බෙල්ල අස්සේ ඔලුව තියන් ඉන්න තිනූගේ ඔලුව අතගෑවා... දීර් ඩ්‍රයිව් කරන ගමන් දෙපාරක් විතර පිටිපස්ස හැරිලා පිටිපස්සේ ඉන්න එකා හොද සිහියෙන්ද කියලා බැලුවා.. බලලා සුහාන් බලපු පාර රැව්වා රැවිල්ලක් සුහාන් තොල් දෙක තද කරලා පොඩ්ඩක් උගුර පෑදුවා... ලැබෙන අවස්තාවෙන් මෙව්වා කරන්න ඕන...

"නෑ මන් කියන්නේ... දැන් අයියට දිගටම කොහොමත් වැඩ කරන්න බැරි වෙයි.. එතකොට ඉතින් කොහොමත් ඔයානේ ඉතුරු වෙන්නේ... තව ටික දවසකින් ඕක ඔයාලගේ තාත්තා කොහොමත් කතා කරයි..."

සුහාන් ශීට් එකේ තිනූවත් අල්ලන්ම හරිබරි ගැහිලා ඉදගෙන ඉස්සරහා පොඩි කන්නාඩියෙන් පේන දීර් දිහා බලන් කීවා... දීර් කල්පනා කරනවා කියලා පේනකොට සුහාන් ඒ වැඩෙත් හරි වගේ සද්ද නැතුව හිටියා...

"තිනූ..තිනූ... කෝ නැගිටින්න... "

සුහාන් දීර් පාකින් එකෙන් වාහනේ නැවැත්තුවම කටත් ඇරන් චූට්ටක් නින්ද ගිහින් හිටිය තිනූට කතා කරා...

"ම්..ම්හ්.."

"කෝ..කෝ නැගිටින්න... "

තිනූ ආයෙත් චම් චම් ගාලා කට හදලා නිදාගන්න වගේ හැදුවම දීර් වාහනෙන් බැහැලා ඇවිත් පිටිපස්සේ හිටපු සුහාන් ගාවින් දොර ඇරියා...

"ආ... මෙන්න නාකි බබ්බු හුරතල් වෙනවා... නැගිටින් නැද්ද දැන්..ඉන්න මන් ගිහින් වීල්චෙයා එකක් ගේන්නම් නැත්නම් මේ අලි උස්සන් යන්න බෑනේ..."

දීර් තිනූගේ නහයෙන් අල්ලල මිරිකලා කෑ ගැහුවම සුහාන් දීර්ගේ අත එහාට කරා නිකාන් තිනූව කේන්ති ගස්සන හින්දා... අර සද්දෙට හොරට හිටිය තිනූ ඇහැක් ඇරලා බලල දීර්ට කට ඇද කරා...

"කෝ ඕම ඉන්නකෝ.. ඒයි.. මේ අපිට පේශ්න්ට් කෙනෙක් ඉන්නවා වීල්චෙයා එක.........

"ආහ්.. හරි හරි මන් බහින්නම්..."

දීර් ආයෙත් එතන ගිය කාට හරි කතා කරනවා වගේ කෑ ගැහුවම තිනූ කටින් චික් චුක් ගාලා අනිත් පැත්තෙන් දොර ඇරන් බැස්සා...

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now