"හනේ යකෝ..."
"මොකද යකෝ...."
"කටවහන් කාපන් යකෝ..."
"අත ගනින්කෝ යකෝ..."
"කෑ ගහන්න එපා යකෝ..."
"පිස්සුද යකෝ..."
"පිස්සු කවුද මටද..."
සුහාන් ඇස් දෙක ලොකු කරලා තමන්ගේ පැත්තට ඇගිල්ල දික් කරගත්තම කේශ්ට බකස් ගාලා හිනා ගියා... කේශ් සුහාන්ගේ කොන්ඩේ පොඩි එකෙක්ගේ වගේ අවුස්සලා පිගානේ තිබ්බා කුකුල් අන්ඩ සුහාන්ගේ පිගානට දැම්මා...
"මේ මොකද මේ..."
"කන්න කන්න... ඔයා ආසයිනේ... මේ මොකද අද මාව ඇදන් එලියට ආවේ වැඩ නැද්ද..."
වෙන චිකන් කෑල්ලක් බෙදන් කේශ් එහෙම කිව්වම සුහාන්ට දුක හිතුනා... ඇත්තටම කේශ්ව හම්බෙන්න එන්න පරක්කු උනා තමයි සුහාන්... සුහාන් තාමත් දන් නෑ කේශ් අර දවස් දෙක තුනක් කොහෙද ගියේ කියලා... කේශ් එහෙම ඔය යාලුවෝ එක්ක සෙට් වෙලා බිව්වොත් ඇරෙන්න බොන මනුස්සයෙකුත් නෙවෙයි නානවා මිසක්.. ඒත් හැබැයි යාලුවෝ එක්ක තනියම නෙවෙයි... මේ එදා තනියමම ගිහින් හොදට බීලා වගේ කියලා සුහාන්ට මූන දැක්කම තේරුනා.. එදා නිශ්නරලත් එක්ක යන්න උනේ නැත්නම් සුහාන් කේශ්ට ගහලා හරි ඕක අහගන්නවා...
දැන් උනත් කේශ් වෙනදා වගේ කියවන් නැතුව සුහාන් දිහා බලන් ඔහේ හිටියම සුහාන්ට පට්ට අවුල් ... මොකද සුහාන්ට ඕන කේශ්ට ප්‍රශ්නයක් නම් පුලුවන් දෙයක්නම් උදව් කරන්න.. ඉස්කෝලේ යන කාලේ කැම්පස් යන කාලේ වගේ නෙවෙයි දැන් බල කරලම දෙයක් සුහාන්ට අහන්නත් බෑ කිව්වොත් මිසක්... නිකන්ම ඒක පෞද්ගලික දෙයක්නම් කේශ්වත් අපහසුතාවයට පත් වෙන හින්දා.. ඒ උනාම මෙහෙම ගල් ඉබ්බා වගේ ඉන්නකොට සුහාන්ට බලන් ඉන්නත් බෑ... ඒ පාර තමයි සුහාන් විකාර කියවලා කේශ්ව හිනැස්සුවේ...
"වැඩ කියන්නේ ඉතින් දන්නවනේ උබ... අර ඉස්කෝලේ වැඩේ සෙට් උනැයින් මට නිදහස නැතුවම ගියා..."
"ඇයි උබ දැන් ටියුශනුත් කරන්වනේ නේහ්..."
කේශ් නිකන් කින්ඩියට වගේ කිව්වම සුහාන් කේශ් දිහා හොදට බැලුවා..
"ඒ තිනූටනේ බන්... "
"මොනූට හරි ඉතින් ටියුශන් එකක්නේ... ලොක්කා ගෙදර ඉන්නවද... "
YOU ARE READING
• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්‍රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...