|33|

2.2K 358 164
                                    

"කෝ සීතා ආන්ටි මේ අය තාම නැගිටින් නැද්ද... "

සුහාන් අර විසාල පිජාම එක පිටින් මේ කිචන් එකටත් ඇවිත්... නමයත් පහු වෙලා.. එකෙක් නෑ...

"ලොකු මහත්තයට හදිසි වැඩක් නැත්නම් අද ටිකක් වැඩියෙන් නිදියන්වා..ලියාන් බේබිගේ නම් අද පන්තියක් තියනවා දවල්ට... "

සීතා තේ එක හදන ගමන් එහෙම කිව්වම සුහාන් වතුර වීදුරුව සින්ක් එක ගාවින් තිබ්බා....

"තේ බොන් නැද්ද දැන්ම එයාලා..මන් යන්නත් ඕන..."

"නැගිට්ටම හදලා දෙනවා මහත්තයා...එතකන් තේ ගෙනියන් නෑ..."

මුන් මොන දේසෙ දීපංකරේ විදියට හැදිලද කියලා සුහාන් දන් නෑ...

"කම්ක් නෑ .. එයාලටත් තේ හදන්නකෝ..මන් ගෙනියන්නම්... නැත්නම් කතා නොකර ගියේ නෑ කියලත් කියන්වනෙ... මගේ ඇදුම් වේලිලද..."

"ඔව් මහත්තයා.. භාගෙට වේලිලා තිබ්බේ මන් උදේම එලියේ රැක් එකට දැම්ම දැන් නම් වේලිලා ඇති මන් අයන් කරලා දෙන්නම්...."

"කරදර වෙන්න ඕන නෑ සීතා ආන්ටි.. මන් කොහොමත් මෙහෙමම ගෙදර ගිහින් යන්නේ.. එතකොට ඇදුම් මාරු කරගන්න පුලුවන්...'

සුහාන් එහෙම කියලා එහෙමම පිටිපස්සෙන් එලියට බැහැලා එලියේ මල් වලට වතුර ද දා හිටපු සුනිල්ටත් ගුඩ් මෝනින් කියලා හිනා වීගෙන තාප්පේ අයිනට ගියා... ගිහින් වේලිලා තිබ්බ එයාගේ ඇදුම් ටික අරන් කාමරේට ඇවිත් වොශ් එකක් දාන් ඇදුම් මාරු කරගත්තා.. ඒ කරන් එලියට එනකොට පොඩි ඇට්ටරයා දොර ඉස්සරහා...

"හොද වෙලාවට මන් හිතුවේ ගිහින් කියලා කියන් නැතුව.."

ඇහැකුත් කහ කහ නින්දෙන් තිනූ මුනු මුනු ගෑවාම සුහාන් කොන්ඩේ ඇවිස්සුවා..

"ඒම නොකියා යනවද..යන්න තමයි ලෑස්ති උනේ.. මන් තේ හදන්න කිව්වා දැන් හදලා ඇති යන් ..."

සුහාන් තිනූගේ කර වටිනුත් අත දාන් කෑම කාමරේ පැත්තට යනකොට සීතා පෙතිපාන් බටර්, මාමයිට් ගාලා හදලා මේසෙන් තියලා... තිනූ අනිත් පැත්තට වොශ් දාන් එන්නන් කියලා තේ එක වහලා උඩට ගියාම සුහාන් එයාගෙ කෝප්පෙයි නිශ්නරගේ කෝප්පෙත් අරන් කාමරේ ගාවට ගියා...

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now