"සුදු මහත්තයා...!"
අප්පච්චිගේ නමත් එක්ක විශ්වර කියන නම ඇහෙන පමාවට සුහාන් පෝන් එක සාක්කුවට දාගෙන සුදු පාට වාහනේ ගවට ඇවිදන් ගියා.... සුනිල්ට කතා කරාට සුනිල් හිටියේ නැති හින්දා ආව ඩ්‍රයිවර් බහින පරක්කුවට සුහාන් වාහනේ ගාවට ඇවිදන් ගියේ සුහාන් දිහා බලන් ඉදිය නිහාරවත් පහු කරගෙන....
සුහාන් යනකොට වාහනේ උස ශීට් එකේ කලින් නිශ්නර හිටිය විදියටම නිශ්නරගේ තාත්තා හිටියා... නිශ්නරගේ අම්මාට සුහද විදියට හිනා උන සුහාන් නිශ්නරගේ තාත්තා දිහා බලලා හිනාවක් මූනේ තියාගන්න ගමන් බලලා නිශ්නරගේ තාත්තා ගාව තිබ්බ වීල් චෙයා එක අරන් මිදුලෙන් දිගෑරියා...
"දෙයියනේ ලොකු දොස්තර මහත්තයා..."
ඒත් එක්කම එතෙන්ට දුවන් ආව සුනිල් සුහාන් නිශ්නරගේ තාත්තව අල්ලගන්න කලින් ඩ්‍රයිවරුත් එක්ක උස්සලා ගත්තේ වාහනේ පොඩ්ඩක් උස හින්දයි... සුහාන් හෙන නර්වරස් ගතියක් වගේ එක්කින් හිටියත් ඒක පිටට පේන්න නැති වෙන්න හරි සුහද විදියට බලන් ඉදලා උඩ ඉදන් බලන් ඉන්න අප්පච්චි දිහා බැලුවා... සුහාන් ගල්බිල්ල වගේ බලන් ඉන්නකොට තමයි අප්පච්චි සුදු මහත්තයා කියලා තදට කතා කරේ... අප්පච්චි දැන් ඉන්නවා අර හරි සන්සුන් මූනෙන් අත් දෙක පිටිපස්සට බැදන් හිටගෙන...
සුහාන් නිශ්නරගේ අප්පච්චි දිහා බැලුවේ එවෙලේ.....අර පුතාලා දෙන්නගෙම තියන දුඹුරු පාට ඇස් ඇවිත් තියෙන්නේ කොහෙන්ද කියලා දැන්නේ තේරෙන්නේ... නිශ්නර වගේම උස මහත හැඩි දැඩි කෙනෙක්... හැබැයි මූනුවර දීර් වගේ... ඇස් නම් ඒ ඇස්මයි... ලාවට සුදු පාට උන කොන්ඩේ පැත්තෙන් උඩට පීරලා කෙස්ගස් දෙක තුනක් නලලට වැටිලා සුදුම පාට කලිසමට සුදු ශර්ට් එක ඇදලා අතේ බැදලා තිබ්බ ගෝල්ඩ් කලර් වොච් එකයි ගෝල්ඩ් කලර් ප්‍රේම් එක තියන කණ්නාඩි දෙකයි එක්ක සුහාන්ට අර පලවෙනි වතාවට නිශ්නර දැක්කම ඇති වෙච්ච බය ගෞරවේම ඇති උනා...
නිශ්නර කියන්නේ ඇත්ත තමයි රෝද පුටුවේ හිටියා කියලා ඒ ගැන කිසිම දුර්වල පෙනුමක් නිශ්නරගේ තාත්තගේ මූනේ තිබුනේ නෑ... ඒ මූන හරි කෙලින් ගානට රැවුල කපපු මූන හරි තියුනුයි... සුහාන් කෙල චුට්ටක් ගිලලා දැන් මොකක්ද යකෝ කරන්නේ වගේ මිදුලේ හිටන් හිටියා...
YOU ARE READING
• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්‍රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්‍රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්‍රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...