|18|

2.7K 370 269
                                    

සුහාන් හොද නින්දක ඉදලා නැගිට්ටේ ඇග මැලිත් කඩාගෙන... ජනෙල් රෙද්ද අස්සෙන් ඉර එලිය තදේට මූනට වැටෙනකොට එක ඇහැක් වහන් අනික් ඇහැ අතින් කහන ගමන් ඇදේ පොඩ්ඩක් වෙලා ඉදන් කලපනා කරේ තමුන් මේ කොහෙද ඉන්නේ මේ වෙලාවේ වෙලාව කීයද, තමුන් කවුද කියලා වගේ දේවල්... ඒ තරම් සැප නින්දක සුහාන් හිටියේ.. මොනා උනත් එයාගේ මේ කාමරේ පුරුදු ඇද තරම් වෙන කොහෙ හරි සෙට් උනා නම් ඉතින් අර එයාගේ අනිත් ඇද තමා...

හොද ලොකු ඈනුමකුත් ඇරලා සුදු පාට රෙද්ද ගානට නවලා මෙට්ටේ පහලින් හදලා ඇද රෙද්දත් හදලා රැක් එකේ තිබ්බ ටවල් එකත් අරන් බාත් රූම් එකට ගියා... සොල්දරේ උනාට ඒක සම්පූර්නෙන්ම අලුත් වැඩියා කරලා තිබ්බේ,, තට්ටුවක් වගේ තමයි වෙනසකට තියෙන්නේ අර සොල්දරේ තිබ්බ ලී ඒ විදියටම හොදට මැදලා බිමට හදලා තියනකොට යටින් කනු හදලා කොන්ක්‍රීට් දාලා තිබ්බ එක...

ඇගත් සෝදන් ඇදුම් මාරු කරන් ආවම තමයි සුහාන් දැක්කෙ වෙලාව දහයත් පහු වෙලා කියලා..කොහොමත් ගෙදර ආවම සුහාන් ඇති කියලා හිතෙනකන් නිදියන හින්දා කවුරුත් කරදර කරන් නෑ... අදත් ඒම තමයි ඒ උනාට අද එහෙම බෑ අර පොඩි ඇට්ටරයා විමානෙට වැඩලානේ තියෙන්නේ.. ඩයල් එකව බලන්න ඕනනේ පොඩ්ඩක්... සුහාන් ඇදුමකුත් දාන් දොරත් ඇරන් පඩිපෙල දිගේ බැස්සා...

සුහාන් හෙමින් සැරේ මැද මිදුල වටෙන් කුස්සිය දිහාට ඇවිදන් ගියේ තේ එකක හදවගන්න...

"ඩාං..ඩාං!!"

හෙන හයියෙන් මොක්කට හරි ගහනවා ඇහෙනකොට සුහාන් ඇස් දෙකත් ලොකු කරන් කුස්සියට එබුනා..ම්හුම්..කුස්සියේ බල්ලෙක්වත් නෑ... ලිප උඩ තියන මොනා හරි දුං දානවා...

"මල්ලිකා නැන්......

"දෙයියනේ පුන්චි මහත්තයා මක්කද කරේ ඔය.. මන් කීවේ මන් බිදින්නන් කියලා... "

කුස්සිය එලියෙන් දෙස් දෙවොල් තියන් සද්දෙට සුහාන් පට ගාලා කුස්සිය මැද්දෙන් එලියට ඇරුන දොරෙන් එබුනා... උදේම තිනූ කුමාරයා කුස්සියට වැඩලා... මල්ලිකා බිම ගල් හයි කරලා තිබ්බ පොලවේ වැටිලා තිබ්බ තුන් පැත්තකට බිදිලා ගිය පොලේ දිහා බලන් තිනූට කියවනකොට තිනූ අතේ තිබ්බ මහ පිහිය උඩට පහලට හරවලා ඒකේ හයිය බල බල හිටියේ...

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now