"ඉතින් අප්පච්චි හෙට උදේට ගියානම් හරිනේ..."
සුහාන් අම්මා එහා පැත්තෙන් වාඩි වෙලා අතින් අල්ලගන්න ගමන් කීවේ අම්මා හෙන අවුලෙන් වගේ හිටිය හින්දා.. අප්පච්චිත් රෑ ඉස්සරහා හාන්සි පුටුවට වෙලා නිකට අත ගගා හිටියා.. අම්මා අතේ තාම පෝන් එක.... අම්මගේ අයියගේ නෝනගේ අම්මා නැති වෙලා.. ඒ කියන්නේ සුදු නන්ගිගේ අත්තම්මා... මේ රෑ ඒ විස්තරේ දැන් ටික්කට කලින් කතා කරලා කීවේ... අත්තම්මගේ ගෙදර ටිකක් දුර නිසා අප්පච්චි ලෑස්ති උනේ රෑම යන්න.. සුහාන් කීවේ උදේට යන්න කියලා...
"ඒ උනාට සුදු මහත්තයා හෙට උදේ පිටත් උනත් මහ වෙලාවක් යාවි.. අනික එහෙ වැඩකටයුතු බලන්නත් එපැයි... මැනිකෙගේ අයියා දැන් ඔලුව ගිනි අරන් ඇත්තේ මන් දන් නැද්ද ඒ ගිනි පුක්කාරයාගේ හැටි.."
අප්පච්චි ඒම කීවම සුහාන් තොල් දෙක තද කරගත්තා... අප්පච්චි ඒ කාලේ ගුටිත් කාලා තියනවානේ අම්මා පස්සෙන් යන්න ගිහින්...
"එහෙනම් අපේ මහත්තයා දැන් යමු.. අක්කා මට කතා කරලම කීවා මල්ලිකාවත් එක්කන් එන්නයි කියලා.. ඒ උනාට සුදු මහත්තයලා කන්නේ බොන්නේ කොහොමද..."
"ආ.. අපි ඔය මොනවා හරි හදාගන්නම් අම්මා ඒක ගැන හිතන්න එපා.. අනික කරදරයක් උනාම නැති උදව්වක් ආයේ පස්සේ මොකටද..."
"ඒම කියලා කෝමද... මේ අර ලමයිනුත් ඉන්න වෙලාවක් සුදු මහත්තයා උඩින් පල්ලෙන් කෑම රත් කරන් කාලා ඒ ලමයිට බඩ යාවි..."
"සර් මොකද උනේ....!"
"තිනූ..මන් කීවා නේද ඇදෙන් බහින්න එපයි කියලා....දෙයියනේ ඔය දෙන්නට මොකක් වෙලාද ඔය... ඔන්න ඕක කඩන් වැටෙයි අයියේ...!"
සුහාන් ගේ ඇතුලෙන් ඇහිච්චි සද්දෙට හැරුනා විතරයි සුහාන්ගේ පපුව එලියට පයින්න ආවා... තිනූ නිශ්නරගේ අර හොද කකුලේ ඉදගෙන දෙන්නත් එක්ක වීල් චෙයා එක වාහනේ වගේ පැදන් එනවා.. සුහාන් ඉනට අත් දෙක තියන් කෑ ගැහුවම තිනූ දත් ටික පෙන්නලා විරිත්තලා බිමට හොද කකුල අඩිය ගහලා සුහාන්ගේ ඇගට බර උනාම සුහාන් බැලන්ස් නැතුව ගිය හින්දා උලුවස්ස අල්ලන් තිනූවත් අල්ලගත්තා...
"දැන් නිදාගන්නවා කීවා නේද දෙන්නම.. මොකක් කරනවද මේ..."
"මොකද සුහාන්ගේ අප්ප්ච්චි වෙලා තියෙන්නේ.."
YOU ARE READING
• විස මාත්රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...