|31|

2.8K 381 182
                                    

"ඔය දෙන්න දැන් නැගිට්ටේ නැත්නම් මන් දොර ලොක් කරලා යනවා හරි...."

මහ ඇට්ටරයා තුන් වෙනි පාරටත් ඇද ගාවට ඇවිත් බෙරිහන් දෙනකොට සුහාන් එක ඇහැක් ඇරලා බැලුවා... මූ දන්නවද හොස්පිටල් ඇදක කොච්චර හොදට නින්ද යනවද කියලා... අනික හවස නිදාගත්තම තමයි තෝන්තුව වගේ හැදෙන්නේ.. කලින් නින්ද ගිය පාර ඒ නින්ද හොදටම ගියා... කොහොමත සුහාන්ට ලොකු නින්දක් තමයි ඕන වෙලා හිටියේ.... ඒ නින්ද දැන් සනීපෙට සුහාන් නිදාගත්තා...

නිශ්නර අර චැනල්ස් ඔක්කොම ඉවරකරලා එනකොටත් මුන් දෙන්න ගැරඩි වැගේ එතිලා නිදි.. නිශ්නර එක පාරක් කතා කරාම තිනූ නින්දෙන්ම මුනු මුනු ගාලා තව ටික්කින් ඉස්කෝලේ යන්නම් කියලා නිදාගත්තා... තුන් වෙනි ඇට්ටරයා ඒවත් නැගිට්ටේ නෑ.. නිශ්නර ගිහින් එයාගේ මේසෙ හදලා ආයෙත් ඇවිත් අර අයිස් කොෆි දෙක ෆ්‍රිජ් එකෙන් ගෙනත් ලොකර් එක උඩින් තියලා ආයෙත් කතා කරලා වයර් ටිකයි, සේලයින් බෝතල් අරවා මේවා ටිකයි අස් කරා..

නිශ්නර වෙනදට එක තත්පරයක් ඉන් නෑ ඒත් අද මේ දෙන්නා නිදි හින්දා නිශ්නර නර්ස්ට එන්න එපා කියලා දොර වැහුවා...

තුන් වෙනි වතාව තමයි නිශ්නර දෙන්නම අල්ලලා හොලවලා කෑ ගැහුවේ.. සිහිය නැති උන උන්වත් ඇහැරවන්න මෙච්චර අමාරු නෑ.. සුහාන් කටකුත් ඇරන් නිදන් ඉන්න විදියට නිශ්නරට තිනූට වඩා මෙයා බබා වගේ පෙවුනා... තිනූ සුහාන්ගේ අත් අස්සේ ගිලිලා නිදී , තිනූගේ අර කෝටු අත් වලින් බේරිලා සුහාන් කොහොම නිදන් ඉන්නවද කියලා නිශ්නරට හිතාගන්න බෑ...

නිකන්ම නිශ්නරට අර තිනූ මුල් කාලේ සුහාන් එක්ක ඉන්නකොට ආපු ඊරිසියාව, ඩවුට් ගතිය ආවේ නෑ... සුහාන්ගේ තිනූ ගැන තියන කෙයා එක නිශ්නර හැමතිස්සෙම දැක්කා.. ඒක නිකන් නිශ්නර ඉන්නකොට විතරක් නිකන් නිශ්නරට පේන්න වගේ තියන එකකුත් නෙවෙයි ... නිශ්නර නැති වෙලාවට නිශ්නරටත් වඩා හොදට සුහාන් තිනූ එක්ක ගනුදෙනු කරනව.. අනික සුහාන් දෙයක් කිව්වම තිනූ දෙපාරක් බලන නැතුව අහනවා... තිනූ සාමාන්‍යෙන් නිශ්නර එක්ක හුරතල් වෙන් නෑ.. පුන්චි කාලේ වගේ නෙවෙයි තිනුයි නිශ්නරයි ටිකෙන් ටික ලොකු වෙනකොට දෙන්නටම දරදඩු උනා.. ඒක ආදරේ අඩුවක් නෙවෙයි දෙන්න දෙන්නට වහන් උනා වගේ...

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now