සුහාන් වොශ් රූම් යන්න කියලා කාමරේට ගිය පාට ආයෙත් ආවේ දෙන්නා කතාවක් නැතුව සෑහෙන්න සයිලන් එකේ හිටපු වෙලාවක.. ටීවී එකේ සද්දේ විතරක් ඇහුන වෙලාවක... ටික්කින් සුහාන් ඇවිත් ඉදගත්තම නිශ්නර සුහාන්ගේ අතට බීලා ඉවර කෝප්පේ දීලා අර ටවල් එකත් අරන් සුහාන්ගේ කාමරේට ගියා...
තිනූ නම් ඔහේ ටීවී එක දිහා බලන් කල්පනා කරපු හින්දා එච්චරම කරදර නොකර වාඩි වෙලා හිටියා...මොකද සුහාන්ට අඩන්න වගේ පපුව පිරිලා තිබ්බේ තිනූගේ කතාව කාමරේට වෙලා අහන් හිටපු පාර.. මේ වගේ දරදඩු ලමයෙක්ගෙන් ඒම දේවල් සුහාන් බලාපොරොත්තු නොවුනා කීවොත් තමයි හරි...
"ඔබේ සම සුසිනිදු කරගන්න....."
සුහාන් ගැස්සිලා ගිහින් ටීවී එක දිහා බැලුවා.... අර ඇඩ් එක .. සුහාන් අත පොඩ්ඩක් මිටි මොලවන් කලබල වෙන් නැතුව හෙමීට තිනූ දිහා බැලුව.... තිනූ හිටපු විදියටම ටිකක් හරි විදියට සෝෆා එකේ ඉදගෙන ටීවී එක දිහා ඇස් දෙක හීනී කරන් බලන් හිටියා... සුහාන්ට එක පාරටම ටීවී එක ඕෆ් කරන්නත් බෑ... බලන්න එපා කියන්නත් බෑ.. මොකක්ද කරන්න ඕන කියලා හිතා ගන්න බැරුව අනේ මේක ඉවරවෙයන්කෝ කියලා හිත හිත හිටියා...
"ආයේ ටූනමන්ට් නැද්ද තිනූ..."
සුහාන් එක පාරට තිනූගේ කර වටේට අත දාගත්තම තිනූ හරි සිහියට ආවා වගේ ගැස්සිලා ගියා..
"අහ්..මොකක්ද..."
"ආයේ TT ටූනමන්ට් නැද්ද... "
සුහාන් වෙනසක් නොපෙන්වා නෝමල් විදියට ඇහුවම තිනූ ඔව් කියලා ඔලුව හොලවලා නෑ කියලා ඔලුව හේල්ව්වා..
"ඔව්..අහ් නෑ... නෑ කීවා.. ආයෙත් Next year තමයි තිබ්බොත්... "
තිනූ කීවම සුහාන් ඔලුව හෙලෙව්වා...
"අද මෙහෙ ඉන්නවද තිනූ..."
"ඕ..මන් ඇදුනුත් අරන් ආවේ ඉන්න..."
තිනූ මූන අහිංසක විදියට හදන් කීවම සුහාන් තිනූගේ හොර බැල්ම දිහා බැලුවා... ඔය සුහාන් එපා කියයි කියලා...
"ඩඩා එපා කීවොත් තමයි වැඩේ.. අනික ගෙදර නොයා බෑනේ..."
"අපෝ ආයෙත් ග්‍රෑන්ඩ්මා ඒම ආවොත්... මම කැමති නැහැ... ආයේ අර...
YOU ARE READING
• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්‍රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...