|06|

2.9K 396 168
                                    

උදේම වැටීගෙන එන රත්තරන් පාර ඉර එලිය තාමත් රස්නේ බවක් දැනුන් නැත්තේ එලියේ තිබ්බ සීතල බව හින්දාමයි... උදේ වෙනකොට බිමට වැටෙන්න පටන් ගත්තු සේපාලික මල් වල නහය කඩාගෙන යන හිත නිවන සුවද ඒ ගහ යටම බන්කුව උඩට වෙලා ඉදගෙන හිටිය සුහාන්ට හොදට දැනුනා...

වැලි මිදුලේ අයිනටම වෙන්න තිබ්බ සේපාලිකා ගහ යට තියන බංකුව සුහාන් ඉපදිච්ච කාලේ ඉදන් වගේම ඊටත් කලින් ඉදන් තියන එකක්,, ලොකු උස ගල් දෙකක් අතරේ තියලා තිබ්බ පැතලි ලීය විතරක් එදා ඉදන්ම මාරු උනා...

සුහාන් හිටියේ ගමට ඇවිත්, හිතන් හිටියේ නම් ඊයේ නෙවෙයි අද එහෙන් එන්න, ඒත් තවත් හිතක් නැති තැන ලීව් ඇප්ලයි කරලා රෑම සුහාන් ආවා, ගොඩාක් රෑ උන හින්දා ආපු ගමන් ඇදට වැටිලා උදේම පුරුද්දටම සුහාන්ට ඇහැරුනා...

සද්ද නැතුව මූන කට හෝදන් සුහාන් එලියට ඇවිත් එයා ඉස්සර ඉදන්ම ඉන්න කැමති තැනක් උන සේපාලිකා ගහ යට බංකුව උඩට ආවා...

සුහාන්ට නිකන් තමන් හුස්මක් ගන්නවා වගේ එකක් දැනුනා... එහෙ කේශව් හිටියත් දැනෙන මහ තනිකම එක්ක සුහාන් නිතරම හිටියේ පාලුවෙන් වගෙයි, නිහාරා හිටියත් ඒ හැගීම සුහාන්ට දැනුනා,මෙහෙ ආවම කලින් පුන්චි කාලේ හිතට දැනුන පිරිච්ච ගතියම දැනෙනකොට සුහාන් සැනසුම් සුසුම් හෙලුවා..

"පුතා, උදේම නැගිට්ටද මන් ඒත් නැගිටලා බලද්දි මල්ලිකා කිව්ව පුතා එලියට ආවයි කියලා,."

සුහාන්ගේ අම්මා නැත්නම් ලොකු මැණිකේ ඔසරි පොට අත වටේ ඔතන් එතනට ඇවිදගෙන ආවේ වීදුරුවකුත් අතේ තියාගෙන..

"පුරුද්දට කලින් ඇහැරුනා අම්මා..."

අම්මා අතට දුන්න කිරි එක අතට ගන්න ගමන් සුහාන් එහෙම කිව්වේ අම්ම සුහාන්ගේ ඔලුව අතගානකොට...

"අහ් එන්න බෑ එන්න බෑ කිය කිය ඉදපු මනුස්සයා නේද මේ ඇවිත් තියෙන්නෙ .."

පිටිපස්සෙන් ඇහුන සද්දෙට සුහාන් හැරිලා බැලුවා... සුහාන් එනකොට අප්පච්චි හිටියේ නෑ ගමේ මල ගෙදරකට ගිහින්...

"අප්පච්චි.."

සුහාන් එහෙම කියාගෙන බංකුව උඩින් නැගිට්ටා.. කොච්චර ලොකු උනත් අප්පච්චි කතා කරනකොට ඉබේ නැගිට්ටවෙන එක නවත්තගන්න සුහාන්ට බෑ... ඒක කාගෙත් තියන දෙයක් සුහාන්ගේ අම්ම පවා අප්පච්චි කතා කරොත් ඉදගෙන ඉදිලි නෑ කෙලින්ම නැගිටිනවා...

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now