|05|

3K 402 125
                                    

හදිසියට වාහනෙන් බැස්සත් සුහාන් ආයෙත් කැප් එකයි මාක්ස් එකයි අරන් දාගත්තේ කැම්පස් එකේ ලමයි දැක්කොත් ඇත්තටම ඒක හොද නැති හින්දා...

ඇත්තටම ක්ලබ් එකට යනවා කියන එක වැඩිහිටි පිරිමියෙක්ට ප්‍රශ්නයක් වෙන්න බෑ.. ඒක සුහාන්ට කොහෙත්ම ප්‍රශ්නයක් වෙන්න බෑ... අනික වයස සම්පූර්න උන පිරිමියෙක්ට තමන්ගේ තීරන ගන්න තමන් කැමති දෙයක් කරන්න සම්පූර්න අයිතිය තියන්වා.. ඒත් ප්‍රශ්නේ තිබ්බේ සමාජේ.. උන්ට කරන්න බැරි දේවල්, දකින්න බැරි තැන ගැන වටෙන් පිටෙන් ඇහෙන කතා වලින් තක්සේරු කරන්න සමාජේ ගොඩාක් අය පුරුදු වෙලා තිබ්බා...

වරදක් කියලත් බැරි නොකියත් බැරි තත්වයක් ඒක, ඒකට සම්පූර්නයෙන් සමාජෙ පන්ති නිරමානය කරපු එවුන් වග කියන්න ඕන... එක මනුස්සයෙක්ට ලගා වෙන්නයි ඒ සමාජෙම ඉන්න තවත් මනුස්සයෙක්ට ලගා නොවෙන්නයි පුලුවන් තැන් නැත්නම් මේ කොහෙවත් නිර්මානය වෙන් නෑ.. සමානාත්මතාවය වත් මිනිස්සු හිතන පතන විදියවත් ගහලා හදන්න බෑ.. ඒ උනාට ඇත්තටම හැමතැනම අසාධාරනයි..

ඒ වගේ සුහානුත් බය උනා ස්ටුඩන්ට් කෙනෙක් දැක්කොත් තමන් ගැන වැරදියට හිතයි කියලා...

අයි ඩී එක පෙන්නන ගමන් ඇතුලට ආපු සුහාන් ලිෆ්ට් එකට නැගලා සෙන්කන්ඩ් ෆ්ලෝර් එකට බට්න් එක ප්‍රෙස් කරා... ටික්කින් සුහාන් අඩිය තිබ්බෙ තනිකර අමුතු ලෝකෙකට..

ඒකේ හිටපු එක කෙල්ලෙක්ට කොල්ලෙක්ටවත් සිහියක් තිබ්බ කියන්න බෑ.. ප්‍රශ්නයක් නෑ ආතල් එකක් ගන්න පුලුවන් කාලෙට ආතල් එකක් ගන්න ඕන, ඒත් තමන් තමන්ගේ ලිමිට් එක දැනන් ඉන්න ඕනේ.. නැත්නම් මේ වගේ රටක ඊලග දවසට මූන දෙක එක ඇත්තටම අමාරු වැඩක්...

සුහාන්ට ආව වෙලේ ඉදන් මහ හයියෙන් දෝංකාර දෙන ඩී ජේ එක කන්කරච්චලයක් උනා... ඒත් සුහාන්ගේ ඇස් වැඩ කරේ වේගෙන්, මොකද එයාට ඕන උනේ නිහාරව හොයන් මෙතනින් යන්න...

වැඩි දුරක් යන්න ඕන උනේ නෑ උස ටේබල් එකකට ඔලුව ගහන් මත් වෙලා ඉන්න නිහාරව දැක්කම සුහාන්ගේ අත් මිට මෙලවුනා... මේකිට මෙහෙම වෙන්න නෙවෙයි සුහාන් මේකිව පරිස්සම් කරේ... සුහාන්ට තමන් ගැනම දුක හිතුනා, මනුස්සයෙක්ට තියෙන්න ඕන ලෝයලිටි එක විතරක් නෙවෙයි එතන විශ්වාසයත් එක්ක ආදරේ බැදීමත් තියෙන්න ඕන... නැත්නම් කොහෙද එතන දුර අරන් යන්න පුලුවන් සම්බන්ධයක්...

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now