එදා- පෙමින් ඉගී- කළේඒඒ ඔබයියීඊඊඊඊඊ......
සදා- දුකින් තනිවුනේ- මගේඒඒ ලොවයියිඊඊඊඊ.....
අදත්- මගේ සිත-ඔබට හැඟුම්බරයි!
දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයියියියියීයීඊ......අවූඌඌ...... ආආආආ.......
සලා දෙනෙත් යුගඅඅඅ......... ඉඟිකර හොරෙන් බලාආආආආ.....
ටාං... ඩිං..ඩිං..ඩිශ්....ඩුහ්.....
සිනාසුණා- මට ඔබ ගැන හැඟුම් පොවාආආආඅ..
කොහේ -ගියේ ඔබ මගෙ සිත තලා පෙලාආආආ...
සනාතනයි කියු අපමණ පෙමක් දවාආආආඅ...
සලා දෙනෙත් යුග....@%$&*..........................ආආඅ....ඌඌඌඌඋ.ඩිශ්..ඩිශ්....ටා.ටාං..ටාං...ඩිශ්කව් ඩිශ්කව්...
"කවුද කවුද..මොකාද...."
මොකක් හරි දඩෝං ගාලා වැදුන සද්දෙට සුහාන් බය උන පාර ඉන්නේ කොහෙද නිච්චි නැතුව නැගිට්ටා... මේ කොහෙද යකෝ මේ වැල් ගාලක ඉන්නවා වගේ... අනික අද කවද්ද... මොකාද යකෝ මාව මියුසිකල් එකක් අස්සට ගෙනත් දාපු පරයා කියලා කියලා සුහාන් දෙක ගසලා පැත්තට පෙරලුනා...
"ඩිග්...."
"ආආආයි... "
"සලා දෙනෙත් යුගඅඅඅඅ.............
කොහෙ හරි වැදුන ඔලුවත් අල්ලන් සුහාන් අනිත් පැත්තට හැරුනා.. කලුවරම කලුවලයි මෙලෝ හත්තිලව්වක් පේන් නෑ..
"මොකද සුහාන් දගලන්නේ.. එක විදියකට ඉන්නවා... "
අන්න ඒ වෙලේනේ මේ ඉන්නේ කොහෙද කියලා වර්තමානෙට ආවේ සුහාන්... යකෝ දැන් මේක පුරුද්දක් වශයෙන් ගෙදර ඉන්නකොටත් මහ ඇට්ටරයා ගාවින් ඇහැරෙන එක පුරුද්දක්ද.. නැද්ද.. සුහාන් ඊයේ ගෙදරනේ හිටියේ.. හරි. සුහාන් පොතක් කියව කියව ගෙදර තමයි හිටියේ.. ඒ උනාට ඇයි ඔලුව රිදෙන්නේ මෙච්චර...
"මන් මේ කොහෙද ඉන්නේ.. තමුන් මොකද මගේ ගෙදර කරන්නේ... දැන් වෙලාව කීයද... ආආආ...
"අවූඌඌඋ...ඩිශ්..ඩිශ්...ටාං...
බිගුන්- අරන් ගියේ මගේඒඒ මලයියියීඊ................."
එලියෙන් ඇහෙන මල කන්දොස් කිරියාවට සුහාන් එහෙමම ආයෙත් ඇදට වැටුනා... මොකද ඒ අදුරන කටහඩක් එච්චර හයියෙන් ලතෝනි දෙන්නේ......බෙල්ට් එකක්ද මේ බඩ වටේ තියෙන්නේ... සුහාන් ඒ බෙල්ට් එක තද වෙලා තව අස්සල ඇදිලා ගියා... ඒමම ටේබල් ලෑම්ප් එකේ පොඩි එලිය පත්තු උනාම සුහාන් ඇස් දෙකේ උඩිනුයි යටිනුයි ඇගිලි දෙක තියලා ඇරලා ලොකු කරගත්තා...
YOU ARE READING
• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්‍රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...