-"හෙලෝ අම්මා...."
="..........."
-"ඔව්නේ.. මන් මේ හොස්පිටල් එකට යන්න හදන්නේ..."
="..........."
-"නෑ..නෑ.. මතකද තිනූ... අර මන් එක්කන් ආවේ එහෙ..."
=".........."
-"ඔව්..ඔව්.. ඒ පොඩ්ඩා තමයි.. එයාව හොස්පිටල් ඇඩ්මිට් කරලනේ.. එයාගේ ඩඩාවත්... "
=".........."
-"ඔව්..ටිකක් ලොකුවට ඇක්සිඩන්ට් උනා... මන් මේ පොඩ්ඩක් ගිහින් එන්න කියලා..."
="............"
-'ආ..නෑ..නෑ... මට වැඩ අම්මා.. ඉක්මනට යන්න ඕන.. කියන්නකෝ.. අප්පච්චිට මන් කතා කරන්නම්.. මට අප්පච්චිත් එක්ක ටිකක් කතා කරන්න ඕන... අම්මත් පරිස්සමට ඉන්න..."
=".............."
-"ඔව්..ඔව්.. සුදූ ඇති.. සුදූ ඉතින් බබෙක් නෙවේනේ අම්ම... අනික මම ඇගිල්ලෙන් අනින්න ඕන් නෑ.. එයා පුරුදු වෙන්න එපැයි එයාව බලාගන්න.. මොකද මන් කියලා මෙහෙ නිකන් ඉන්නවා නෙවේනේ... ලොකු තාත්තලට කියන්න ඔච්චර බය නම් සුදූව ගෙදර ගෙන්නගන්න කියලා... "
="...................."
-"නෑ..නෑ.. අන්තිමට මට තමයි කට්ටියම වැරැද්ද කියන්නේ.. ඊට වඩා හොදයි මන් කලින්ම කීවම... "
="................"
-"හරි,..හරි මට පරක්කු වෙනවා..මන් තියන්නම්කෝ... බුදු සරනයි..අම්මලා පරිස්සමට ඉන්න...Beep..beep.."
සුහාන් පෝම් එක කට් කරලා සාක්කුවට දාගන්න ගමන් රත් උන පෑන් එකට අබ ඇට දෙක තුනක් දැම්මා..ඒක තෙල් වලට චට පට ගාලා පිපිරුනාම සුහාන් ඒකට කරපින්ච කොල දෙක තුනක් දාලා ඒකටම ප්ලාස්ටික් බෝල් එකේ තිබ්බ රතුපාට ලුනු මිරිස හැලුවා.... ඒක හොද සුවදට උම්බලකඩත් එක්ක තෙම්පරාදු වෙනකොට සුහාන් හැන්දෙන් ඒක එහෙට මෙහෙට කලවම් කරලා ලන්සීට් එකේ නිවෙන්න දිගෑරිය සුදුපාට කිරිබත් ටික පැතලි හැන්දෙන් ගානට හදන්න ගත්තා... අර ලුනු මිරිස ගානට සෙම්පරාදු උනාම සුහාන් ලිප ඕෆ් කරලා කෙට්ල් එක ඔන් කරා...
වතුර එක රත් වෙනකම් කොටුවට කොටුවට කිරිබත් ටික කැට කපපු සුහාන් ඒක නිවෙන්න ඇරලා කෝප්පෙ අරන් තේ හදන්න කිරිපිටි අරවා මේවා දාන්න ගත්තේ එලිය වැටීගෙන එන එලිය දිහා ජනේලෙන් ඇස් උස්සලා බලන ගමන්...
YOU ARE READING
• විස මාත්රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...