"මේ කොහෙද මේ..."
තිනූ කොකෙක් වගේ බෙල්ල දික් කරලා පොඩ්ඩක් වටපිටේට ඔලුව හරවලා බලලා ඇහුවේ පෝන් එකේ තිබ්බ අවදානේ දඩස් ගාලා සුහාන්ගේ පිටේ වැදිලා බිදුනට පස්සේ...
"මිනිස්සු එක්ක ඉන්නකොටවත් ඔය පෝන් එකෙන් ඔලුව උස්සන්න පුරුදු වෙන්න තිනූ..මොකක්ද ඔය කරන්නේ හැමවෙලේම..."
සුහාන් තිනූ දිහා රවලා බලලා ටිකක් තදින් අහනකොට නිශ්නරනම් තමන්ට නෙවෙයි තමන් මෙතන ඉන්න මනුස්සයෙක් නෙවෙයි වගේ ඉස්සරහට ඇවිදගෙන ගියා...
" ඔයාට බෑ එහෙම කියන්න.. මට තියනවා පර්සනල් ලයිෆ් එකක්..."
සුහාන් නිශ්නර දිහා හැරිලා බැලුවේ නිකන් මූ කියන දේවල් නිශ්නරට ඇහෙනවද බලන්න වගේ... හොද වෙලාවට නිශ්නරට ඒක ඇහුන් නෑ.. නැත්නම් තිනූට පර්සනල් ලයිෆ් එක පෙන්නයි... සුහාන් කිව්වට වැඩක් නැති හින්දා දෙපැත්තට ඔලුව වනලා ඉක්මනට අඩිය තියලා ඉස්සරහට ගියා..
තුන් දෙනාම ටික වෙලාවකට පස්සේ ආවේ සුහාන් කියපු රෙස්ටොරන්ට් එකට... සුහාන් ඉතින් රෑට එහෙම ඔය එලියෙන් ටිකක් කැවෙන හින්දා හොද සෙට් වෙන තැන් දන්නවා... පෝසත් පිය පුතු දෙපලට ඉතින් එලියට බැහැලා හුස්මක් ගන්නවත් වෙලාවක් නෑනේ.. ඉතින් කොහේ දැනගන්නද එලියේ තැන් ගැන....
මේක අවුට් ඩෝ ප්ලේස් එකක්... වූඩ් ප්ලේසස් ඈතින් ඈතින් හදලා තිබ්බ හින්දා කට්ටියට නිදහසේ කෑම ගන්න පුලුවන්... ටවුන් එකේ කියලා හිතන්න බැරි තරමට ලොකු ඉඩ ප්රමානයක් ඇතුලේ වෙන් වෙන් වෙන්න සම්පූර්න නැචුරල් ලුක් එකක් තියෙන්න ඒක හදලා තිබ්බේ.. ඒ හින්දා කෝමත් නිශ්නරගේ හිත ගත්තා දැක්ක ගමන්...
නිශ්නර අයිනෙම තිබ්බ ටේබල් එකක ගාව නතර වෙලා හිටපු හින්දා සුහාන් එතනට ගිහින් පටස් ගාලා නිශ්නර ඉදගන්න කලින් මුල්ලෙන් ඉදගත්තා.... ඒත් එක්කම දුවන් ආපු තිනූත් නිශ්නරට කලින් සුහාන් ඉස්සරහින් අනිත් මුල්ලෙන් ඉදගත්තම් නිශ්නර හොද හුස්මක් පාත දාලා දෙන්නම දිහා බලලා කලකිරීමෙන් ඔලුව දෙපැත්තට වනලා සුහාන්ගේ එහා පැත්තෙන් ඉදගත්තේ තිනූ එයා ඉදගත්ත බෙන්ච් එකේ කකුලකුත් උඩ තියන් ආයෙත් පෝන් එක අතේ තියන් ඔබන්න ගත්තු හින්දා...
YOU ARE READING
• විස මාත්රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...