|10|

2.8K 387 145
                                    

සුහාන් හිටියේ මූනත් පුලුවන් තරම් පුලුටු කරගෙන බස් එකට වෙලා වාඩි වෙලා... වීදුරුවට මූන ගහන් හිටපු විදියට හුස්ම ගත්තු හුස්ම වීදුරුවෙත් සුදු පාටට බැදෙනවා.. ඇයි අප්පා මනුස්සයෙක් වැරදීමකින් මූන දිහා බලන් හිටියා කියලා අච්චර කතා කියන්න ඕනද.. හරි වැඩක්නේ.. වෙන කාටවත් ඇහුනද නම් දන් නෑ සුහාන්ගේ නම් කන් දෙකේ ඉදන් රතු උනා..

සුහාන් කියන්නෙ හරි වැදගත් විදියට ජීවත් වෙන චරිතයක්.. සාමාන්‍යෙක් කේශව් තමයි කට්ටියත් එක්ක කතා බහ කරන්නේ... සුහාන් ගොඩාක් වෙලාවට තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්.. ඉතින් එහෙමත් වෙලා අර ලොකු ඇට්ටරයගෙන් කතා අහ ගත්තම සුහාන්ට පුදුම ලැජ්ජාවක් දැනුනේ.. කාට ඇහුන් නැතත් තිනූට නම් ඇහෙන්න ඇති.. ඒ වෙලාවේ ගන ගත්තේ නෑ වගේ රවලා ඉස්සරහා බලාගත්තත් විනාඩියක් යනකොට සුහාන් කඩාගෙන බස් එකට නැග්ගා..

හරි මගුලක් උනානේ.. මේ එක එකාගෙන් කතා අහන්න සුහාන්.. පොඩ්ඩක් පොඩි ලමයෙක් ඉස්සරහා චොර උනා තමයි.. ඒ උනාට එහෙම වටින් නෑනේ.. සුහාන් වීදුරුවටත් රවල ඇස් දෙක රෝල් කරා... වීදුරුවෙන් එලියේ හිටිය කොල්ලා ආයෙත් පාරක් සුහාන් දිහා හැරිලා බැලුවේ සුහාන් මොකද එච්චර තමන්ට රවන්නෙ කියලා.. සුහාන් බර කල්පනාවක ඉදන් හැරෙන හැරෙන අතට කට උල් කරලා රවනකොට එලියේ ටිකක් වෙලා බලන් හිටපු කොල්ල පිස්සෙක් කියලා ඇතුලට ගියා.. ඒවත් නෙවෙයි සුහාන්ට ඒක තේරුනේ..

"උබ මොකද කඩාගෙන ආවේ ඇතුලට... "

ඒ වෙලාවේ තමයි කේශව් බස් එකට නැග්ගේ.. ඒ වෙනකොට කොඩාක් අය කාලා බස් එකට නැගලා..ඕන අය වොශ් රූම් ගිහින්... කේශව් අරන් ආව බෑග් එක සුහාන්ගේ ඔඩොක්කෙන් තිබ්බා..

"මේ මොනාද..."

සුහාන් බෑග් එක පෙන්නල ඇහුවම කේශව් වොලට් එක අරන් ඉස්සරහා සාක්කුවෙන් දා ගන්න ගමන් සුහාන් ගාවින් ඉදගත්තා..

"ඔය අරවා මේවා කෑම ටිකක්.. උබ ඉතින් සින්දු කියන්න අරවට මේවට එන් නෑනේ ඒ හින්දා කන්න ගෙනාවේ..."

සුහාන්ට කේශව් ගැන ආදරයක් ඇති උනේ.. කවුරු කෝම හිටියත් කේශව් සුහාන්ව හොදට තේරුම් ගත්තා.. නැත්නම් මෙහෙම කඩචෝරු උස්සන් එයිවෑ... සුහාන් අනම් මනම් කිව්වට කේශව් කියන්නෙ සුහාන් තරමටම ඊටත් වඩා උස මහත කඩවසම් කොල්ලෙක්... සුහාන්ට වඩා ටිකක් වැඩියෙන් සුදු කේශ්ගේ තද කලු ඇස් එක්ක ඇස් හීනි උනා... ඉස්සරහට වැටෙන කූරු කොන්ඩෙත් එක්ක කේශව් කියන්නෙ ආයෙත් පාරක් බලන්න තරම් කඩවසම් කොල්ලෙක්... තාමත් කේශ් කෙල්ලෙක් හොයාගත්තේ නැත්තේ ඇයි කියලානම් සුහාන් අදටත් දන්නෙ නෑ...

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now