"තිනූ..."
සුහාන් තිනූගේ අත මහපට ඇගිල්ලෙන් අත ගගා මූන පිහගෙන ඇද ගාවින් ඉදගත්තා.. තිනූ හෙමීට හුස්ම ගන්න ගමන් ඇස් පියන් හිටියා.... සුහාන්ට පේනවා රූම් එකේ සුදු පාට දොරේ පොඩි වීදුරු කවුලුවෙන් එලියේ කීපදෙනෙක් එහෙ මෙහෙ යනවා... සුහාන් ආයෙත් පාරක් තිනූගේ පපුව දිහා බැලුවා... නිල් පාට වගේ ලොකු ඇදුමට උඩින් වයර් අමුනලා තිබ්බත්, මැශින් වැඩ කරත් සුහාන්ට තිනූව තදට අල්ලල බදාගන්න ඕන උනේ.. තිනූගේ ඔලුව කොහෙවත් වැදුන් නෑ.. පිටයි හයියෙන් වැදුනෙත්...
එක පාරටම දොර ඇරගෙන කවුරු හරි ආවම සුහාන් එක පාරටම ඔලුව උස්සලා කේන්තියෙන් බැලුවා.. ඒ උනාට ඒ බැල්ම එක තත්පරෙන් වාශ්ප වෙලා ගිහින් සුහාන් අර උස ස්ටූල් එක වගේ පුටුවෙන් බැහැලා තිනූගේ අත් පරිස්සමට ඇද උඩින් තියලා කේශ් ගාවට අඩියට දෙකට ගියා..
කේශ් ගල් වෙලා වගේ ආපු විදියටම කාමරේ මැද බය වෙලා ඇදේ ඉන්න තිනූ දිහා බලන් හිටියේ... කේශ් තිනූ දිහා බලන් ඉන්න එකෙන් සිහියට ආවේ සුහාන් ඇවිත් කේශ්ගේ වැලමිටෙන් අල්ලගත්තු හින්දා...
වැඩ කරන ගමන් ඉදලා සුදු පාට කෝට් එක කේශ් ඇදන් හිටියේ.. සුහාන් හයියෙන් කේශ්ගේ වැලමිටෙන් අල්ලන් තිනූගේ ඇද ගාවට ඇදන් ගියා....
"කෙ..කේශ්... මගේ තිනූට අවුලක් නෑ නේද... මට කිසි කෙනෙක් විශ්වාස නෑ.. ආයේ බලන්නකෝ... මුකුත් ප්රශ්නයක් නෑ නේද.. කේශ්..එක පාරටම වැටුනා... "
සුහාන් එක දිගට කියවන් ගියා කේශ්ව තිනූගේ ඇද ගාවටම ඇදන් ඇවිත්...
"ශ් ...ශ්.. සුහාන් Calm down... කලබල නොවී ඉදපන්... මට වැඩිය හොද මනුස්සයෙක් තමයි අර මෙයාව බලලා ගියේ.. මේ පේනවනේ මේ මැශින්.. නෝමල්... කිසිම ප්රශ්නයක් නෑ..තිනූ safe..okay... උබ කලබල නොවී ඉදපන්කෝ..."
කේශ් සුහාන්ගේ අතින් අල්ලන් තද කරලා ඒම කීවේ සුහාන්ගේ රතු වෙච්චි ඇස් දෙක දිහා පුදුමාකාර දුකකින් බලන්.. සුහාන් ඒක ඇහුනට පස්සේ ආයෙත් ගිහින් තිනූගේ ඔක්සිජන් මාක්ස් එකෙන් එලියේ තියන ඇස් දෙක කම්මුල උබ පොඩ්ඩක් අතගාලා හෙන ගහන්න වගේ අත ඇදලා ගත්තා..
"අ..අයියා.... දෙයියනේ අයියා... කේශ්.. !"
"ඇයි..මොකද උනේ..."
YOU ARE READING
• විස මාත්රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...