|53|

2.1K 372 405
                                    

සුහාන් තිනූගේ කන් දෙක වටේ තද වෙලා තියන එයාගේ අත් දිහා බැලුවේ හරිම හිස් විදියට... okay සුහාන්ට තේරුම්ගන්න පුලුවන්... හැබැයි ඒ මේ ටික්කට කලින් නිශ්නර සුහාන්ගේ අත අතෑරියා දැනටමත් .. සමහර විට ඒ හින්දා සුහාන්ට පුලුවන් උනා තිනූගේ කන් දෙක වහන්න...

මේ තරම් ඉක්මනට මේ වගේ දේවල් ගොඩක්නම් සුහාන් කොහෙත්ම බලාපොරොත්තු උන් නෑ.. අනික සුහාන් හිතුවෙත් නෑ තිනූගේ මමා ඒවි කියලා.. අනික සුහාන් ඒම දෙයක් අහන්න ලෑස්ති වෙලා හිටියෙත් නෑ.. සුහාන් හැමදාම හිතනවත් වගේ අනපේක්ශිත දේවල් තමයි මනුස්සයෙක්ගේ ජීවිතේක වැඩියෙන්ම සිද්ද වෙන්නේ.. එක අතකට සුහාන්ට මේ දේවල් ලැබෙයි කියන එකේ විශ්වාසයක් නෑනේ... සුහාන් මුල ඉදන් හිතුවත් වගේ සුහාන් ඕනම වෙලාවක අතාරින්න පුරුදු වෙන්න ඕන.. ඒ උනාට කෝමද දෙයියනේ සුහාන් නිශ්නරවයි තිනූවයි අමතක කරන්නේ......

සුහාන්ගේ අත් දෙක තාමත් තිනූගේ කන් දෙක වහලා.. සුහාන් ටිකක් හෙමින් බයෙන් නිශ්නර දිහා බැලුවා.. නිශ්නර තිනූගේ කාමරේ ඇරුනු කර්ටන් එක දිහා ඔහේ බලන් හිටියා.. නිශ්නරගේ බැල්ම දැක්කම සුහාන්ට හිතාගන්න පුලුවන් නිශ්නර තාම උන දේවල් කල්පනා කරනවා කියලා... අනික දවසක් ඇතුලත මහ ගොඩාක් දේවල් වෙනකොට ඒවා අස්සේ හරියට හිතලා හරි තීරනයක් ගන්නවා කියන එක මනුස්සයෙක්ට හරි අමාරු දෙයක්.. කෝම බැලුවත් නිශ්නර අසරන වෙනවා කියන එක තමයි සුහාන් දැක්ක එකම දේ...

ඒ දේ වෙනුවෙන් සුහාන්ට කරන්න පුලුවන් දේකුත් නෑ.. මොකද මේ උන දේවල් අතීතේ උනේ කෝමද කියලා දන්නේ නැතුව මේවා මැද්දට සුහාන්ට මැදිහත් වෙන්නත් බෑ... මේවා අස්සේ සුහානුත් ගිහින් මන් කැමති කීවොත් එතන තමයි සුහාන්ගෙයි නිශ්නරගේ පවුලෙයි සම්බන්දේ අවසානේ වගේ කියලා සුහාන් හිතුවා...

Okay...සුහාන් නිශ්නරගේ යාලුවෙක්නේ.. ලගම හොද යාලුවෙක්.. එතකොට සුහාන්ට පුලුවන් වෙන්න ඕන නිශ්නරගේ දුක බෙදාගන්න ඒම නැත්නම් ඕනම දෙයක් බෙදාගන්න... ඒම නැත්නම් නිශ්නරට හිතන්න ඕන වෙන වෙලාවට මුකුත් නොකියා සද්ද නැතුව හිතන්න දෙන්න.... සුහාන් ආදරෙයි නෙවෙයි මොක කියලා කොහොම ඩෙගා ගැහුවත් සුහාන්ට බෑ නිශ්නරගේ අතීතේ වෙනස් කරන්න.. අනික සුහාන් පුරුදු වෙන්න ඕන ඉවසන්න..මොකද සුහාන් මේකට අඩිය ගහනවා කියන ටිකක් බරපතල තීරනේ ගත්තේ හොදට හිතලා.. ඒකේ ඉස්සරහා ජීවිතේ අපි මෙහෙම කරගන්නවා කියලා ලස්සනට ප්ලෑන් කරපු නැති එන විදියට මූන දෙනවා වගේ හිතපු ප්ලෑන් එකක්.. ඒ හිතපු දේවල් ඇතුලේ මෙන්න මේ තිනූගේ මමාගේ පැමිනීම අනිවාරෙන්ම තිබ්බා.. හැබැයි ඒක වෙන විදිය , නැත්නම් එයා එන විදිය ඒ සිටුවේශන් එක ගැන ඇත්තටම සුහාන්ට හිතාගන්න බැරි උනා...

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now