|52|

2.4K 390 657
                                    

සුහාන් නියපොත්තකුත් හප හප ලැප් එකයි පොත් ටිකයි ඔක්කොම ටික අරන් ලෙක්චර් හෝල් එකෙන් එලියට ආවා....දවල් පහු වෙලා... 3.15 ත් පහු උනා විතරයි...සුහාන් සාක්කුවෙන් පෝන් එක අරන් මුකුත් මැසේජ් ඇවිද්ද බලලා ඒ නැති හින්දා වට්සප් එකට ගිහින් තිනූගේ චැට් එක ඕපන් කරා.. බලලාවත් නෑ මැසේජ්...නිශ්නරගෙත් ඒමයි...

සුහාන් උදේ ඉදන් දෙන්නට මැසේජ් දැම්මා..නිශ්නර පැත්තකින් තිබ්බොත් තිනූ සුහාන්ට කතා කරන එක වරද්දන් නෑනේ සාමාන්‍යෙන්... ඒම බැරි උනොත් කෝල්ස් හරි ආන්ස්වර් කරනවා.. සුහාන්ට උදේ ඒ පැත්තට ඔලුව දාන්න වෙලාවක් තිබ්බේ නෑ ටිකක් වැඩිපුට නින්ද ගිය හින්දා....

කලින් දවසේ නිශ්නරගේ අම්මා කතා කරනකොට නිශ්නර කීවා සුහාන්ට යන්නයි කියලා.. මොකද නිශ්නර දන්නවා ඔය කියන මගුලක් කියලා බැනල ඉවර කරන්නෙත් නෑ කියලා අම්මා පිට කෙනෙක් ඉන්න තැන... අනික සුහාන්ව ඒවාට කොහෙන්වත් නැතුව ගාවගන්න ඕනත් උනේ නෑ නිශ්නරට... නිශ්නර කීවේ සුහාන්ට ගෙදර යන්න කියලා.. ඒ උනාට සුහාන්ට ඕන උනේ ටිකක් ඉදලා නිශ්නරට අවුලක් වෙයිද කියලා බලන්න, ඒ උනාට නිශ්නරම යන්න කීවා අම්මා බලන් ඉන්නේ සුහාන් යනකන් හින්දා කියලා.. ඉතින් ඒකට විරුද්ධ වෙන්න බැරි හින්දා සුහාන් ආවා...

ඇවිත් වොශ් දාලා ඇදට වැටෙනවා විතරයි මතක සුහාන්ට මැරුවා වගේ නින්ද ගියා...ආයේ පහුවදා උදේ ඇහැරුනේ සුහාන්ට හොදටම පරක්කු වෙලා.. සුහාන් ඉක්මනට ලෑස්ති වෙල කැම්පස් එකට ආවේ තේ කක්වත් නොදී.. ඒ කරලා වැඩ පටන ගන්නකොට සුහාන් තිනූට මැසේජ් දැම්මේ තාමත් තිනූ කතා නොකරපු හින්දා.. මේ වෙනකොට ස්කූල්නම් ඉන්නේ කියලයි සුහාන් ගානක් නැතුව හිටියේ..ඊට පස්සේ සුහාන් නිශ්නරටත් මැසේජ් දැම්මා ඊයේ අවුලක්ද බලන්න.. ඒ මනුස්සයට මැසේජ් ඩිලිවාර් වෙන්නෙත් නෑ...

සුහාන් කෙලින්ම රූම් එකට ඇවිත් වතුර බෝතලේ අරන් බීගෙන බීගෙන ගිහින් පොඩ්ඩක් ඉදගත්තා... තුනහමාර වෙනකොට ඊලග ලෙක්චර එක පටන් ගන්නවා.. සුහාන් වෙලාව බල බල ඉදලා තුනයි විසි පහට විතර පොත් ටික අරන් මූඩ් චේන්ජ් කරන් ලෙක්චර එකට ගියා..සුහාන් ඒ මගින් මගත් පෝන් එක කවදාවත් නැතුව බැලුවා... කෝම හරි පහයි කාලට ලෙක්චර් එක ඉවර කරපු සුහාන් කීප දෙනෙක් එක්ක කතාත් කරලා ආයෙත් රූම් එකට ඇවිත් ඒක ලොක් කරන් ඉක්මනට පාකින් එකට ආවා...

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now