|51|

2.3K 391 461
                                    

නිශ්නර එක අතක් නවලා වැලමිට ශටර් එක උඩින් තියාගෙන අනිත් අතින් හෙමින් ඇගිලි තුඩු වලින් ස්ටීරින් වීල් එකට තට්ටු දාන ගමන් ඩ්‍රයිව් කරා... ඇරපු ශටර් එකෙන් වේගෙන් ඇතුලට ආපු හුලගට මුහුදු වතුරට එකට කැරලි ගැහුන කොන්ඩේ වේලි වේලි ගහගෙන ගියා... ලාවට සින්දුවක් ප්ලේ වෙනවා හෙමින් වාහනේ ඇතුලේ..රෑ වෙලා පාරේ වාහන ගොඩාක් තිබ්බෙ නැතත් නිශ්නර ටිකක් වේගේ අඩුවෙන් වාහනේ ඩ්‍රයිව් කරන් ආවා...

ඊටපස්සේ නිශ්නර එහා පැත්තේ ශීට් එකේ බෙල්ලත් පොඩ්ඩක් කඩාගෙන නිදන් ඉන්න සුහාන් දිහා බැලුවා... කටත් චුට්ටක් ඇරන් සුහාන්ට හොදටම නින්ද ගිහින්... එයාට විතරක් නෙවෙයි තිනූ පිටිපස්සේ සීට් එකේ හරහට නිදි... කකුලකුත් බිම.. තුන් දෙනාගෙම සපත්තු ටික පිටිපස්සේ.... නිශ්නරට අද වගේ පිස්සුවක් නැටුව කාලයක් මතක නෑ.. සමහර විට ලියාන්ව හම්බෙන්න කලින් හිටපු ජීවිතේ අංශු මාත්‍රයක තරම්වත් සම්බන්ධයක නැති ජීවිතයක් නිශ්නරට තිබ්බේ... ඒ අතින් බලනකොට අද සෙල්ලම හරි මහන්සි උනත් නිශ්නරගේ හිතම හරි තෘප්තිමත් විදියට පිරිලා තිබ්බා.. හැබැයි ප්‍රශ්න නැතුව නෙවෙයි..

මොකද දැන් ටික්කට කලින් වෙනකනුත් අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම කෝල්ස් ගොඩාක් ආවා... නිශ්නර ඒ එකකවත් ආන්ස්වර් කරේ.. නෑ... මොකද එයාලගේ එක වචනයක් නිශ්නරගේ මූඩ් එක සහමුලින්ම විනාශ කරලා දාන්න ඇති.. නිශ්නරට ඕනේ උනේ අර හිතට දැනුනු තෘප්තිමත් හැගීම තව ටිකක් විදින්න...එක අතකට එයා මේ වගේ පොඩි වෙලාවකට සතුටු වෙන එක අසාධාරන නෑ...

සුහාන්ට එයාගෙයි ලීයාන්ගෙයි අතරට හිනාවක් ගෙන්න පුදුම හැකියාවක් තියෙන්නේ.. දැන් ඔය බීච් එකට ගියේ එයයි ලියානුයි විතරයි නම් දෙන්නම බුම්මන් ඉදී... නිශ්නර දන්නවනේ... එයාලව සතුටු කරන්න පුලුවන් දේවල් හරිම සීමා සහිතයි වගේ දෙයක්... අනපේක්ශිතව සතුටු වෙනවා කියන්නේ මේ වගෙ හැගීමක් වෙන්න ඇති... සුහාන්ගේ පැත්තකට කඩන් වැටුනු බෙල්ල ආයෙත් එක අතකින් උඩට හරවලා නිශ්නර කලර් ලයිට් ගාවින් වාහනේ දැම්මා.... අද දවසම වැඩ කරත් ලියාන්ගේ එක මැසේජ් එක්කට සුහාන් මෙතනනේ... ආයේ ලියාන් කියන කියන අතට හැරි හැරි නටන ඒ වැඩ නිශ්නරට සෙට් නැති උනාට සුහාන් නම් දෙපාරක් නොහිතා කරනවා...

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now