සුහාන් හිටියේ වොශ් රූම් එකේ ඔලුවේ ඉදන් නෑවිලා යන්න ශවර් එක යට හිටගෙන... ශැම්පු එක අරන් පට පට ගාලා ඔලුවේ ගාන් ඒ ගමන්ම බොඩි වොශ් එකත් අරන් අතට හලන් ඇගේ හැමතැනම ගාගගත්තා... ඒ කරලා පුලුවන් උපරිම වේගෙන් නාගෙන ටවල් එකත් ඇදන් කොන්ඩෙත් පිහ පිහ එලියට ඇවිත් අල්මාරියෙන් ඇදුම් දෙක තුනක් අරන් ඇද උඩට දාලා හෙයාර් ඩ්රයර් එක අරන් කොන්ඩේ වේලගත්තා..
වේලගෙන ඒක පැත්තකින් තියලා නෝමල් ලා නිල් පාට පැච් ඩෙනිමට සුදු පාට ටී එක ඇදලා සුදු පාට ශූස් දෙක දාන් වොච් එකත් දාගෙන වාහනේ කී එකයි අනිත් බඩු ටිකයි අරන් කාමරෙන් එලියට ඇවිත් කිචන් එකට රිංගලා වතුර එක්කුත් එක්ක පෙනඩෝල් දෙක්කුත් බීලා දොරවල් වහලා කරලා එලියට ඇවිත් වාහනේ අරන් එලියට ආවා... යන්න ඕන තැනට එච්චර දුර නැති උනත් සුහාන් ඊට ටිකක් දුරට ගිහින් බර්ගර් ටික්කුයි අයිස් කොෆී කප් ටික්කුයි අරන් ආයෙත් හරවන් කලු පාට ගේට් එකක් ගාවින් වාහනේ නවත්තලා හෝන් එකක් ගැහුවා...
ටික්කින් සුනිල් දුවන් ඇවිත් ගේට්ටුව දෙපැත්තට ඇරලා සුහාන් වාහනේ ඇතුලට දාගන්නක්න් ඉදලා ගේට් එක වහලා දැම්මා..
"ගුඩ් මෝනින් අන්කල්..."
"දැන් මොන මෝනින්ද සුහාන් මහත්තයා.. දැන් දවල් වෙන්න කිට්ටුනේ..."
සුහාන් එලියට බහින ගමන් කීවම සුනිල් සුහාන්ගේ වාහනේ ගාවට ඇවිත් ඉස්සරහා තිබ්බ දූවිලි ටිකක් අතින් පිහලා බැලුවා..ඒ වෙලේ තමයි සුහාන්ගේ මූන බෙරි උනේ.. හරිනේ දැන් දවල් තමයි.. සුහාන් ඊයේ රෑ යකෙක් ගහලා වගේ නින්ද ගියාද සිහි නැති උනාද මන්දා උදේ ඇහැරෙනකොට කේශ් ඩියුටි ගිහිනුත් ඉවරයි.. කොහොමත් කේශ්ට දැන් සෙනසුරාදට නිවාඩු නෑ වැඩ තමයි...
සුහාන් හායි ගාලා ඇහැරෙනකොට උදේ නමයත් පහු වෙලා... කේශ්ට නිකන් කතා කරලා යන්න තිබ්බනේ... ඒකට කේශ් උදේ හොස්පිටල් ගිහින් තියෙන්නේ සුහාන්ව නැගිටිනකන් නැගිට්ටවන්න එපා කියලා... සුහාන්ට ඊලගට දෙලෝ රත් උනේ පෝන් එකේ තිබ්බ මිස් කෝල් තොගේයි ඇවිත් තිබ්බ මැසේජ් ටිකයි දැක්කම... උඩින් බලනකොට අගක් මුලක් පේන් නැති ඉමොජි ටික තිබ්බ චැට් එක සීන් නොකර අනික්වා උඩින් බැලුව සුහාන් ඇදේ ඉදන්ම ඔලුවට අත ගහන් ඇට්ටරයෝ දෙන්නටා කෝල් ගත්තත් එකෙක්වත් නෙවෙයි ආන්ස්වර් කෙරුවේ.. ඊලගට කෝල් අරන් මැසේජ් දාල තිබ්බ සුදූටත් කතා කරලා සුපුරුදු පරිදි සුදූට ඕන බම්බුවක් කරගන්නයි කියලා සුහාන් පෝන් එක තිබ්බෙ සමෝද්යා "මේක හරියන් නෑ මන් ගමේ යනවා" යි කියලා කෑ ගහන එක ඇහුන් නෑ වගේ...
YOU ARE READING
• විස මාත්රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...