"පුන්චි හාමු මහත්තයා කාට හාමු උනත් කමක් නෑ...
මට මගේ මැණිකේ වෙයන්...ම්ම්...""ම්ම්හ්..."
සුහාන්ට ඉබේම කෙදිරි ගෑවුනා... සීතල තොල් දෙකත් සංවේදීම තැනක් වෙච්චි කන් පෙත්ත පිටිපස්සේ නතර වෙලා අමුතු විදියට මුමුනනකොට සුහාන්ට දැනුනේ කවදාවත් දැනිලා නැති හැගීමක්....
නිකන්ම සුහාන්ව එක අතකින් වාරු කරන් මෙහෙම මුමුනලා මේ මනුස්සය මොනාද බලාපොරොත්තු වෙන්නේ... සුහාන්ගේ කන් දෙකේ ඉදන් යටි පතුල වෙනකන් හිටිවැටිලා ගියා..මොකද සුහාන් ජීවිතේට අහන්න බලාපොරොත්තු උන කතාවක් නෙවේ මීට තත්පර දෙක තුනකට කලින් සුහාන්ට පිටිපස්සේ හිටපු මේ නපුරු මනුස්සයා කීවේ...
ඒත් එක්කම හවස වලව් මිදුල හරහා ආපු ලා තද හුලගට සුහාන්ගේ පහලට කඩන වැටුනු කොන්ඩේ ටික පිටිපස්සට ගහගෙන ගිහින් සම්පූර්නෙන්ම නිශ්නරගේ ඇස් නහය මූනම වැහිලා ගියා... නිශ්නරගේ නහය තොල් ඔලුව පිටිපස්සෙන් කොන්ඩේ පුරා ගිහින් සුහාන්ගේ බෙල්ල පිටිපස්සෙන් නතර උනාම සුහාන් තමන්ගේ බඩ උඩින් තිබ්බ නිශ්නරගේ අත උඩින් එක අතක් තියන් තද කරන් අනික් අතින් පිටිපස්සට කරලා නිශ්නරගේ උරහිස හරියෙන් පහලින් තදට අල්ලගත්තේ මේ මනුස්සයා එක අතකින් බර වෙලා ඉදලා දැන් වැටෙයි කියලා...
අන්තිමේ නිශ්නර ඈත් උනේ කමිස කර අස්සෙන් කොන්ඩ කැරලි අස්සෙන් සුහාන්ගේ බෙල්ලට තොල් දෙක තියලා එතනට හාදුවක් දීලා තමයි... සුහාන් නිශ්නර මූන උස්සපු තත්පරේට නිශ්නරගේ අත අස්සෙන් අනිත් පැත්තට හැරිලා ඉක්මනට ඒ නලලට නලල තිබ්බේ එයා දිහාටම වැටිලා තියන ඒ හීනි ඇස් දිහා ඇස් වලට වැටටුනු කොන්ඩේ අස්සෙන් බලාගෙනමයි...
"ඔයා එක්ක බෑ අයියේ... කොයි වෙලේ හරි මගේ පපුව නැවතෙනව ඔයා කරන වැඩ වලට.."
සුහාන් හෙමීට මිමිනුවේ තමන්ගේ නහය ඒ දිග නහයේ ගාවන ගමන්.. ඒකට කට කොනින් වගේ හිනා උන නිශ්නර සුහාන්ගේ තොල් වලින් තොල් තියලා ඈත් උනේ විසාල සද්දයක් ඇතුලෙන් ඇහුන හින්දා...
"ඕක අරන් මොකක් කරන්නද...කකුල තෙමාගන්න බෑනේ ලියාන්..."
"ඔයා කෑ නොගහා ඉන්න යීශා... මට ෆොටෝස් ටිකක් ගන්න ඕන..."
YOU ARE READING
• විස මාත්රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...