|54|

2.3K 388 813
                                    

සුහාන් පෝන් එකත් අරන් ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු උනා.... ඒකේ නුවියානා කියන නම සර්ච් කර කර එන එන හැම රෙද්දම බලන්න ගත්තා... ටිකක් වෙලා බලලා බලලා ඇති උනාම සුහාන් පෝන් එක ඇද උඩට අතෑරලා අත් දෙකෙන් මූන වහන් ඔලුව හෙඩ්බෝඩ් එකෙ උඩින් තියාගත්තා...

ශිට්..මේ එක මගුලක්වත් හරියන් නෑ.. සුහාන් ගෙදර ඇවිත් හිටියේ.. දැන් රෑ එකොලහත් පහු වෙලා ඇති... සුහාන් තාමත් උදේ ඇන්ද ඇදුම් පිටින්මයි හිටියේ... සුහාන් නිශ්නරගේ ගෙදරින් ආවේ කීයටද කියලා සුහාන්ට මතක නෑ.. ඒ උනාට නිශ්නරට හොදටම නින්ද ගියාම තමයි සුහාන් නිශ්නර ගාවින් නැගිට්ටේ... නිශ්නරගේ තෙහෙට්ටු පාට මූන දාලා එන්න සුහාන්ට ඕන නැති උනත් මේක කතා පොතක් නෙවේ හින්දා සුහාන්ට හිතුන හැම මගුලක්ම කරන්න පුලුවන් උනේ නෑ.. ඊගාවට සුහාන් උඩට ගිහින් හොදටම නින්ද ගිහින් ඉන්න තිනූවත් බැලුවා... තිනූට කෝම හරි කිරි පොවාගත්ත හින්දා ටිකක් නිදාගත්තට කමක් නෑ.. කෝමත් ඔය වතුරේ නටලා අමාරුවට මිසක් තිනූට ආයෙත් උනක් එන් නෑ කියලා සුහාන් දන්නවා.. එක අතකට නිශ්නරගේ අම්මා හරි දෙවේලකින් ඇරිලා යනවා තමයි ඒක.... නැගිටලා හිත හිත ඉන්නවට වැඩිය නිදන්ම ඉන්න එක හොදයි කෝමත්......

සුහාන් තිනූගෙත් ඔලුව ඉබලා එලියට ඇවිත් සීතට කතා කරලා තිනූ නැගිට්ටම කන්න පුලුවන් දෙයක් හදලා දෙන්න කියලා ආවා.. නිශ්නරගේ කෑම ගැන සුහාන්ට සීතට කියන්න බෑනේ.. එක අතකට ඕක කීවා කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න පිට මිනිස්සුත් දැනගන්න එකනේ.. සීතා සුනිල් ගෙදර තමයි ඉන්නේ ඒ උනත් පිට මිනිස්සුනේ... සුහාන් ඒ හින්දා නෝමල් විදියට කතා කරලා කන්නෙත් නැතුව ආවා... ඇවිත් සුහාන් දොරවල් වහන් ඇවිත් කරපු එකම දේ ඇදට වෙලා තමාරා නුවියානා කියන ඇක්ට්‍රස් ගැන සර්ච් කරපු එක... එතකොට තමයි සුහාන්ට තේරුනේ මේ රටේ ඉන්න සමහ්‍ර මිනිස්සු ගැන සුහාන් ඇත්තටම දන්නේ නෑ කියලා... දැන් විවේකයක් නොතිබ්බත් තිබ්බ වෙලාවක්වත් සුහාන්ගේ දින චර්‍යාවේ ටෙලිඩ්‍රාම බලනවා කියන එක තිබ්බේ නෑ... ඔය වෙලාවකට එෆ්බී එකේ ඉන්ස්ටග්‍රෑම් එකේ උඩට පහලට ගිහින් එනවා ඇරෙන්න සුහාන් එයාගෙ ෆ්‍රී මයින්ඩ් එක පාවිච්චි කරේ පොතක් කියවන්න නැත්නම් ලියන්න ඕන අදහස් එකතු කරගන්න... ඒකට සුහාන්ට හොදටම ගැලපෙන්නේ බර වචන තියන පොතක් එක්ක කෝපි කෝප්පයක් එක්ක තනි වෙන එක... නිශ්නර තිනූ එයාගේ ජීවිතේට එන්න කලින් සුහාන්ගේ කාලේ වැඩිමනක්ම ගෙවුනේ ඒ විදියට.. ඒත් ඒ දෙන්නත් එක්ක විශේශයෙන් තිනූ එක්ක සුහාන් බිසී වෙන්න අරන් තිබ්බා...

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now