|27|

2.4K 356 316
                                    

සුහාන් හිටියේ සෝෆා එකේ වාඩි වෙලා කකුලත් පුලුවන් තරම් හොල්ල හොල්ල වටේට බලන ගමන්...

"අහ්.. මන් ඔරේන්ජ් ජූස් හැදුවා බොනවා නේද මේ වෙලාවේ තේ බිව්වොත් මැරෙනවා මේ රස්නෙට..."

කේශ්ව්ගේ අම්මා ට්‍රේ එක අරන් ඇවිත් සුහාන් ඉස්සරහින් තිබ්බම සුහාන් වීදුරුව අතට ගත්තා..

"කේක් කන්න ලමයෝ මමමයි හැදුවේ..."

ට්‍රේ එකේ තිබ්බ කේක් ප්ලේට් එකත් සුහාන් දිහාට තල්ලු කරන ගමන් කේශව්ගේ අම්මා සුහාන්ට ඉස්සරහින් ඉදගත්තම සුහාන් චොක්ලට් කේක් කෑල්ලකුත් ගත්තා..කෝමත් කේශ්ව්ගේ අම්මා කෑම හදන්න දක්ශයි... ගෙදරමනේ ඉන්නේ... අද මේ සුහාන් දවල් වෙන්න කිට්ටුව ඇවිත් ඉන්නේ කේශ්ව්ගේ අම්මගේ විශේෂ ආරාධනාවකට...

"මන් චිකන් ටික බැදෙන්න දාලා ආවේ... ඔයා ඕක බීලා එන්නකෝ කිචන් එක පැත්තට හරිද පුතා.. තව ටික්කින් අන්කලුත් එයි.."

සුහාන් ඒකට ඔලු බක්කා වගේ ඔලුව වනලා කේශ්ව්ගේ අම්ම හැරුන ටිකට ඉතුරු කේක් කෑල්ල කටේ ඔබන් අර වීදුරුවෙන් භාගයක්ම බීගෙන ගියා... අර ගොන් වහන්සෙට කියලා ආවෙත් නෑ... දැන් ඉතින් දැන්ගත්තම මෙතන නැට්ට පාගන් දගලයි..ඔච්චරනේ...

ඒත් එක්කම ඉස්සරහින් අඩි සද්දයක් ඇහෙනකොට සුහාන් කටේ කේක් පුරවන් හැරිලා බැලුවා..

"අහ්.. මේ ඉලන්දාරියා ඇවිත් තියෙන්නේ.. මට කිව්වා අද පුතා එනවා කියලා..මන් වොශ් එකක් දාන් එන්නම්කෝ.."

කේශ්ව්ගේ තාත්තා අතේ කෝට් එකත් දාන් ඇවිත් සුහාන්ගෙ පිටට තට්ටු කරලා ඇතුලට ඇවිදන් ගියාම සුහාන් ඒකටත් ඔලු බක්කා වගේ ඔලුව වැනුවා....

සුහාන් බීම එකත් බීලා ඉවර වෙලා ට්‍රේ එකත් අරන් කිචන් එක පැත්තට ගියා.. පලාතම සුවදයි.... කේශ්ව්ගේ අම්මා බැදුනු චිකන් ටික තෙල් බේරෙන්න දාලා ආයෙත් ටිකක් තාච්චියට දැම්මා.. සුහාන් කේක් ප්ලේට් එක ලෙජ් එක උඩින් තියලා වීදුරුව හෝදන්න ගත්තා.... සද්දෙට හැරුන කේශ්ගේ අම්මා සුහාන් දිහා ආදරෙන් බැලුවා...

"ඔය ටික ඕමම තියන්න ලමයෝ..කෝමත් මේ ගෙදර මිනිස්සුන්ට දේවල් අතට පයට ඕන හින්දා මට ඕවා පුරුදුයි.."

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now