සුහාන් ලොකු කලු පාට ගේට් එක ගාව වාහනේ නවත්තන් හෙමින් හෝන් එක ගැහුවේ වටේ ගෙවල් වලට බාධාවක් නොවෙන්න... මොකද ඒ වෙනකොට උදේ තාම, සුහාන් සුදු පාට අත් දිග ශර්ට් එකට කලු පාට කලිසම ඇදලා සිල්වර් කලර් වොච් එක වම් අතට දාලා ටිකක් දිග කොන්ඩේ ජෙල් ගාලා පිටිපස්සට පීරලා හදලා ෆ්රෙශ් පිට උදේම ඇවිත් තිබ්බේ ලොකු වැඩකට.. ලොකු වැඩකට කියන්නේ ටිකක් වැදගත් වැඩකට...
සුනිල් සද්දෙට දුවන් ඇවිත් ගේට්ටුව දෙපැත්තට ඇරලා දැම්මාම සුහාන් වාහනේ ඇතුලට දාලා නවත්තලා තිබ්බ වෙනස් වර්ගේ වාහනේ එහා පැත්තෙන් නැවැත්තුවා..
"ගුඩ් මෝනින් අන්කල්... කෝ තිනූ ලෑස්තිද..."
සුහාන් වාහනේ දොර ඇරන් බහිද්දි දොරේ තිබ්බ දකුනු අත දිගේ තිබ්බ කලු පාට තද දුඹුරු පාර රවුම් බෝල තිබ්බ බ්ලේස්ලට් එක්ක පැටලුනු ගොල්ට් බ්රේස්ලට් එක රවුම් වෙලා උඩට ගිහින් වැටිච්ච ලා ඉර එලියට දිලිසුනා...
"ගුඩ් මෝනින් සුහාන් මහත්තයා පොඩි බේබි නම් පරක්කුයි වගේ අද ලොකු මහත්තයා කෑ ගැහුවා පහල ඉදන්ම... "
සුනිල් කීවේ සුහාන් දික් කරපු කවරේ අතට අරගන්න ගමන්...
"වෙලාව බලන්න අන්කල් යන් ඉක්මනට.. මන් පරක්කුත් වෙලා ආවේ..."
"සීතා කිරිබත් හදලා තියෙන්නේ..කොහෙද පොඩි බේබි පහලට ආවේ නෑනේ තවම..."
"ඉන්නකෝ මන් බලන්න.. අන්කල් ඉක්මනට ගිහින් බෙදලා ගේන්න කියන්න..."
සුහාන් අඩියට දෙකට ඉස්සරහා පඩි දෙක නැගලා ඇතුලට යනකොට සුනිල් ගේ වටෙන් කුස්සියට දුවන් ගියා...
සුහාන් විනාඩියට කිචන් එක පැත්තට යනකොට උදේම හිනා මල් වගේ මූනු හදන පිලිවෙලට ඇදන් හිටිය සීතා අත් දෙකෙන්ම කිරිබත් දාපු පිගාන සුහාන්ගේ අතට දුන්නා.. සුහාන් ඒක අරන් හැරෙනකොටම දැක්කේ කෑම මේසෙ උඩ පල් වෙල කලු පාට ලොකු මග් එක.. කිරි එකක් පිරිලා තිබ්බා.. සුහාන් ඒක දිහා ඇහි බැමක් උස්සලා බලලා සීතා දිහා බැලුවා..
"තාම නැගිට්ටේ නැද්ද මෙයා..."
"අනේ නෑනේ... මහත්තයා මන් දොරට ගැහුවා තේ එකත අරන් ගිහින්... කොහෙද මේ දැන් නැගිටිනවා කියලා කීවට තව නෙවෙයි ආවේ..."
YOU ARE READING
• විස මාත්රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...